header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
දිල්ලියේ සිදුවූ පිපිරීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
Nov 11, 202510:01 AM
දිල්ලියේ සිදුවූ පිපිරීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
Mobitel 1278

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ මෝටර් රථයක් තුළ සිදුවූ ප්‍රබල පිපිරීම ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස හඳුනාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මරාගෙන මැරෙන බෝම්බකරු ලෙස සැකකරන පුද්ගලයා වෛද්‍ය උමාර් මොහොමඩ්ගේ බවත් ඔහුගේ ඡායාරූපයද අනාවරණය වී තිබේ.

ඔහු 1989 පෙබරවාරි 24 වන දින උපත ලබා ඇති බවත් ජම්මු - කාශ්මීරයේ පුල්වාමා හි අල් ෆලා වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කර ඇති බවත් සඳහන් වේ.

මෙම ප්‍රහාරය සිදු වීමට පෙර ත්‍රස්ත ප්‍රහාරයක් සිදු වන බවට ලැබුනු තොරතුරු මත ජම්මු - කාශ්මීරයේ සහ හර්යානා පොලිස් කණ්ඩායම් විසින් ඊයේ (10) ත්‍රස්ත කණ්ඩායමක සගයන් වූ වෛද්‍යවරුන් දෙදෙනෙකු වන වෛද්‍ය ආදිල් අහමඩ් රාදර් සහ වෛද්‍ය මුජමිල් ෂකීල් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ ජයිෂ් ඊ මොහොමද් නම් ත්‍රස්තවාදී කල්ලියට සහාය පළකරන පෝස්ටර් ප්‍රචාරය කිරීමේ චෝදනා යටතේය.

ඔවුන්ගෙන් ලබාගත් තොරතුරු අනුව නවදිල්ලි අගනුවරට කිලෝ මීටර් 50ක් පමණක් දුරින් පිහිටි හර්යානා හි ෆරීදාබාද් නගරයේ නිවසක තිබී පුපුරන ද්‍රව්‍ය කිලෝ 2,900ක් පමණ හමු වී තිබුණි.

මෙය සැලවීමත් සමඟ ඔවුන්ගේ ත්‍රස්ත කණ්ඩායමේ තවත් සගයෙකු වූ බෝම්බකරු වෛද්‍ය උමාර් මොහොමඩ් භීතියට පත් ව මෙම පිපිරීම සිදුකර ඇති බවට එරට ආරක්ෂ අංශ පවසයි.

දිල්ලි ප්‍රහාරය සහ මෙම ත්‍රස්ත ජාලය අතර සබඳතාවක් තහවුරු කරගැනීමට පොලීසියට හැකිව ඇත්තේ, පුපුරාගිය මෝටර් රිය දකුණු කාෂ්මීරයේ පුල්වාමා හි වෛද්‍යවරයෙකුට අයත් එකක් බවට හඳුනාගැනීමත් සමඟිනි.

ප්‍රහාරය සිදු කිරීම සඳහා බෝම්බකරු ඇමෝනියම් නයිට්‍රේට් ඉන්ධන තෙල් (ANFO) භාවිතා කර ඇති බව අනාවරණය වී තිබේ.

එමෙන්ම මෝටර් රථය තුළ ඩෙටනේටරයක් ​​සවි කර තිබී ඇති බවට ද තොරතුරු වාර්තා වී ඇත.

මෙම පිපිරීමෙන් පුද්ගලයින් නව දෙනෙක් මියගොස් තවත් 20කට අධික පිරිසක් තුවාල ලබා තිබුණි.

ඉන්දියාවේ නවදිල්ලි හි පිහිටි සුප්‍රකට සංචාරක ගමනාන්තයක් වන 17 වැනි සියවසට අයත් රතු බලකොටුව ආසන්නයේ මෙම ප්‍රබල පිපිරීම සිදුවුයේ ඊයේ (10) පස්වරුවේදීය.

චාන්දනී චෝක් මෙට්‍රෝ දුම්රිය ස්ථානය ආසන්නයේ මංසන්ධියක සෙමින් ගමන්කරමින් පැවති සුදු පැහැති හයිහුන්ඩායි අයි 20 මාදිලියේ මෝටර් රථය තුළ මෙම පිපිරීම සිදුව තිබුණි.

ඊයේ පස්වරු 6.52කට පමණ මෙම පිපිරීම සිදුව ඇති අතර එය ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවට නම් කර ඇත.

ප්‍රහාරයට පැය තුනකට පෙර මරාගෙන මැරෙන ප්‍රහාරයේ සැකකාර රියදුරු එම මෝටර් රථයෙන් රතු බලකොටුව ආසන්න රථගාලක් වෙත පැමිණි අයුරු CCTV කැමරාවක සටහන්ව තිබේ.

ඔහු පස්වරු 6.30 දක්වා එහි රැඳී සිට ඇති අතර, අනතුරුව රථය, රථ ගාලෙන් ඉවතට පැමිණ දිල්ලි හි ජනාකීර්ණ මාර්ගය වෙත පිවිස පසුව කෙටි වේලාවකින් එය පුපුරවා හැර ඇති බව ඉන්දීය පොලීසිය පවසයි.

සිදුවීමෙන් මාර්ගයේ ගමන් කරමින් පැවති රථ වාහන රැසකට ද හානි වී තිබුණි.

ඒ සමඟම විශාල ගින්නක් ද හටගත් අතර එය පාලනයට ගිනි නිවන රථ විස්සක් පමණ යොදවා දැඩි වෙහෙසක් දැරීමට බලධාරීන්ට සිදුව තිබුණි.

මෙම පිපිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රමුඛතම ත්‍රස්ත විමර්ශන ආයතනය වන ජාතික විමර්ශන ඒජන්සිය සහ ජාතික ආරක්ෂක බලකාය විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මේ සමඟ අනීතික ක්‍රියාකාරකම් වැලැක්වීමේ පනත යටතේ ප්‍රති ත්‍රස්ත නීතිය බලාත්මක කිරීමට දිල්ලි පොලීසිය පියවර ගෙන ඇත.

දිල්ලි ප්‍රාන්තයටත්, මුම්බායි, කොල්කටා, බැංගලූරු, ජායිපූර්, හර්යානා, පන්ජාබ්, හයිද්‍රාබාද්, උත්තර් ප්‍රදේශ්, උත්තරාකන්ද් යන නගර සහ ප්‍රාන්තවලට ආරක්ෂාව තර ඇති අතර ඉන්දියාවේ සියලුම දුම්රිය ස්ථානවල සහ ගුවන් තොටුපොළවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.

මේ අතර සිදුවීම සැලවීමත් සමඟ ඒ සම්බන්ධයෙන් X සටහනක් තැබූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රහාරයෙන් මියගිය පිරිසගේ ඥාතීන් වෙත සිය ශෝකය පළකර තිබුණි.

එමෙන්ම එම ස්ථානයට ගිය ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂාහ් පැවසුවේ මේ සම්බන්ධ පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බවය.

MostRead
Mobitel 1278
VideoStories
''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ