'රටම එකට' ජාතික මෙහෙයුමෙන් සැකකරුවන් 994ක් අත්අඩංගුවට

'රටම එකට' ජාතික මෙහෙයුමෙන් සැකකරුවන් 994ක් අත්අඩංගුවට

November 9, 2025   01:35 pm

විෂ ‍මත්ද්‍රව්‍ය මුලිනුපා දැමීමේ “රටම එකට“ ජාතික මෙහෙයුම යටතේ ඊයේ (08) සිදුකළ මෙහෙයුම්වලින් පුද්ගලයින් 1000කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ දිනයේ වැටලීම් 1000ක් සිදුකර ඇති අතර එහිදි සැකකරුවන් 994 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 782ක් ද, අයිස් ග්‍රෑම් 827ක්, ගංජා කිලෝග්‍රෑම් 71යි ග්‍රෑම් 681ක්, මත්පෙති 631ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් පොලීසිය විසින් සොයාගෙ ඇත.

එමෙන්ම සැකකරුවන් 25 දෙනෙකුට රැඳවුම් නියෝග නිකුත් කර ඇති අතර තවත් 05දෙනෙකු පුනරුත්ථාපනය සදහා යොමුකර ඇති බව පොලීසිය පැවසුවේය.