
පසුගිය සතියේ දී කල්මේගි සුළිකුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වූ පිලිපීනයට අද (09) තවත් ප්‍රබල සුළි කුණාටුවක් ඇතුළු වීමට නියමිතව තිබේ.
'ෆුන්ග් වොන්ග්' නම් එම සුළිකුණාටුව අද රාත්‍රියේ එරට අවුරෝරා පළාතෙන් ගොඩබිමට ඇතුළු වනු ඇති බව වාර්තා වේ.
මේ වන විට පිලිපීනයට ආසන්න සාගර කලාපයේ වර්ධනය වෙමින් පවතින ෆුන්ග් වොන්ග් සුළිකුණාටුව හේතුවෙන් පිලිපීනයේ නැගෙනහිර දිග පළාත් කිහිපයක තද සුළං සහ වැසි හටගෙන ඇත.
එමෙන්ම මේ වන විටත් අවතැන්ව සිටින පිරිස ලක්ෂයකට අධිකය.
මීට පෙර ඇති වූ කල්මේගි සුළිකුණාටුවෙන් පිලිපීනය තුළ 188 දෙනෙකු මියගිය අතර තවත් 135 දෙනෙකු මේවනවිටත් අතුරුදන්ව සිටී.



















































