header logo
SLIC
උණුසුම් පුවත්
මත්ද්‍රව්‍ය මැඩලීමට ජනපතිගෙන් ආගමික නායකයින්ට ඇරයුම්
Nov 02, 202507:46 PM
මත්ද්‍රව්‍ය මැඩලීමට ජනපතිගෙන් ආගමික නායකයින්ට ඇරයුම්
Mobitel 1278

මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීමේ වැඩපිළිවෙළ සඳහා මහා සංඝරත්නයේ සහය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ මෙම වැඩපිළිවෙළ වෙනුවෙන් ජාති ආගම් හෝ දේශපාලන බේදයකින් තොරව සියළු පාර්ශව එක්ව කටයුතු කළ යුතු බවය.

පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරි‍වෙන ආරම්භ කර වසර 150ක් සපිරීම නිමිත්තෙන් පෑලියගොඩ විද්‍යාලංකාර ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්‍රණණ ශාලාවේ අද (02) පැවති උත්සවයට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.

මෙම උත්සවය සඳහා මහා සංඝරත්නය, වත්මන් රජයේ මැති ඇමතිවරුන් මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, සර්ව ජනබලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු දේශපාලනඥයින් සහ විවිධ ක්ෂේත්‍රවල විශාල පිරරිසක් සහභාගී වී සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

"අප රටේ නූතන අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය ලෙස මේ විද්‍යාලංකාර පිරිවෙන හදුන්වන්න පුළුවන්. විද්‍යාලංකාර මහා ශාස්ත්‍රාලය ලෙසින් ආරම්භ කළ මේ පිරිවෙන පෙරදිග මහා ශාස්ත්‍රාලය ලෙස පරිවර්තනය වන තෙක් මහඟු කාර්යභාරයක් අධ්‍යාපන කේෂ්ත්‍රය වෙනුවෙන් ඉටු කළා. විශාලතම සමාජ කාර්යයන් ඉටු කරන ලද යතිවරයාණන් වහන්සේලාගෙන් මේ පිංබිම මුවහත් වී තිබෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයට පමණක් නොව, අපේ ගම්වලට අවශ්‍ය වන විනයධර භික්ෂූන් වහන්සේලා ගොඩනැඟීමේදී මේ විද්‍යාලංකාර පිරිවෙන විශාල කාර්යභාරයක් ඉටු කළා. අපේ ගම්වල තිබෙන පිරිවෙන් අධ්‍යාපනය වෙනුවෙන් ගුරුවරුන් බිහි කිරීමට මෙය කේන්ද්‍රස්ථානය බවට පත් වුණා. මෙය බුද්ධ ධර්මයේ දාර්ශනික පදනම්, පර්යේෂණයට ලක් කර නිවැරදි දේ සොයා ගැනීම සදහා වෙහෙසෙන මධ්‍යස්ථානයක්.

විද්‍යාලංකාර පිරිවෙන අප රට තුළ පමණක් නොව විදේශීය සිසුන් අධ්‍යාපනය හදාරන මහා අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක්. 1940 දශකයේදී එකල පැවති පාලකයන්ගේ ජනතා විරෝධී ප්‍රතිපත්තිවලට එරෙහිව භික්ෂූන් වහන්සේලාගේ ක්‍රියාකාරීත්වයට ඉදිරියට එන්න පටන් ගත්තා. එයට උරණ වූ කණ්ඩායම් හාමුදුරුවන් වහන්සේලාට එරෙහිව දේශපාලන භික්ෂුව ලෙසින් අලුත් කුලකයක් නිර්මාණය කළා. බුදුන් වහන්සේ දේශනා කරන ලද ධර්මය මත පැවත එන භික්ෂු පරම්පරාවකුත්, අනෙක් පසින් සමච්චලයට සහ උපහාසයට ලක් කරන ලද දේශපාලන භික්ෂු පරම්පරාවකුත් කියමින් අලුත් කුලකයක් නිර්මාණය කළා. මේ රටේ සංඝ පරම්පරාව අපේ සමාජය සමඟ බැඳීමක් තිබෙනවා. උන්වහන්සේලාගේ සමාජ ක්‍රියාකාරීත්වය පැවති පාලකයන්ට සමාජ විරෝධී ප්‍රතිපත්තීන්ට එරෙහිව සතුරු ලෙසින් හිටගත්තා. භික්ෂූන් සහ දේශපාලනය නමින් ඓතිහාසික ලියැවිල්ලක් විද්‍යාලංකාර පිරිවෙන් ප්‍රකාශය නමින් 1946 මාර්තු මස 14 වන දා ප්‍රකාශ කරනවා. භික්ෂුවගේ සමාජ කාර්යයෙහි ඉතා වැදගත් හැරවුම් ලක්ෂයක් මේ ප්‍රකාශය හරහා ප්‍රකාශයට පත් කරනවා.

රාජ්‍යයක් පරිහානියට පත් වෙනවා නම්, ආර්ථිකයත් පරිහානියට පත් වෙනවා නම් ඊට සමාන ලෙසම බුදුදහමටත් වන බලපෑම වැළැක්විය නොහැකි බව එම ප්‍රකාශය මගින් පැහැදිලිව සදහන් කර තිබෙනවා. එබැවින් භික්ෂු ජීවිතයට කැළැල් නොවන පරිද්දෙන්, රට වැසියාගේ යහපතට හේතු වන යම් වැඩපිළිවෙළක් වේ නම්, එහි දේශපාලනය හෝ කුමක් හෝ වේවා එහි යෙදීම භික්ෂූන්ට සුදුසුමය යනුවෙන් එහි සඳහන් වෙනවා.
මා හිතන ආකාරයට අපේ හාමුදුරුවන් වහන්සේලාට අවශ්‍ය හොඳ මඟපෙන්වීමක් ඉන් කරනවා. භික්ෂූන් වහන්සේලා කේන්ද්‍ර කරගෙන ඇති වූ අවලාද ඉතා ප්‍රබල ලෙස මේ ප්‍රකාශය මගින් එදා බිඳ දැමුවා. මේ සංවාදය ගොඩනැගෙන්නේ නිදහස් අධ්‍යාපන පනතත් සමගයි. නිදහස් අධ්‍යාපන පනත පිළිබඳව විද්‍යාලංකාර පිරිවෙන කේන්ද්‍ර කර ගත් මහා නැඟීටීම නිසා ඉතා ප්‍රබල ජයග්‍රහණයක් දක්වා ගෙන යෑමට හැකි වුණා.

මේ සම්බන්ධයෙන් එදා 1947දී කාලය සඟරාවේ පළ වූ ලිපියක මෙසේ සඳහන් වෙනවා.
එම ප්‍රකාශය කළ මොහොතේ සිට මෑත කාලය වන තුරුම ආගම නමින් දුප්පත් ජනයා ගසාකන ප්‍රබල ගිහි පැවිදි ටික දෙනකු විසින් පිරිවෙන නැති කිරීමට කළ උපක්‍රම බොහෝයි. එදා භික්ෂු සමාජයේ පිබිදීම මකන්න මේ පිරිවෙන අහෝසි කිරීමට උත්සාහ ගත්තා. එහෙත් ඒ කිසිවෙකින් පිරිවෙන සෙලවීමට නොහැකි වුණා. විද්‍යාලංකාර පිරිවෙන සමතලා කොට උඳු වැපිරීමට ගත් උත්සාහයන් සියල්ල ව්‍යර්ථ වුණා.

කාලය සඟරාවේ කිව්වා වගේම විද්‍යාලංකාර පිරිවෙන අදත් භික්ෂූන් වහන්සේලාට, සමාජයට යහපත් දෙයක් ගෙන දෙන මහා මධ්‍යස්ථානයක් බවට පත්ව තිබෙනවා. වසර 150ක් කියන්නේ දීර්ඝ ඉතිහාසයක්. අපි දන්නා පරිදි වසර 150ක් ඇතුළත ඕනෑම ආයතනයක්, ඕනෑම ව්‍යාපාරයක් විවිධ හැලහැප්පීම්වලට මුහුණ දීම ස්වාභාවික දෙයක්. ඒ වගේම බොහෝ ව්‍යාපාර වසර 150ක් එකම දෘෂ්ටියකින්, එකම අරමුණකින්, එක වුවමනාවකින් පවත්වා ගැනීම ඉතාමත් දුෂ්කර කාර්යයක්. මෙම මහා විද්‍යාලංකාර පිරිවෙන වසර 150ක් නොනැසී ඉතාමත්ම ශක්තිමත්ව අපේ බෞද්ධ ධර්මය, පොදු සමාජය, භික්ෂු සමාජය වෙනුවෙන් කරන ලද කාර්යභාරය ඉතා විශාලයි. ඒ ඓතිහාසික බර වර්තමාන පරිවේනාධිපති නාහිමිපාණන් වහන්සේ ඇතුළු අපේ භික්ෂූන් වහන්සේලාගේ දෙවුර මත පැටවී තිබෙනවා. උන්වහන්සේට පැවරී තිබෙන මෙම කාර්යභාරය ඉතාමත් සාර්ථකව ඉටු කරනු ඇතැයි අපට විශ්වාසයක් සහ දැඩි බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ වෙනුවෙන් අපේ සුභාසිංසන උන්වහන්සේට පිරිනමන්න කැමතියි.

2005 වසරේ ආරම්භ කළ මේ පිරිවෙනේ ඉදිකිරිම ආරම්භ කළ ගොඩනැගිල්ලේ වැඩකටයුතු වසර 20ක් තිස්සේ අවසන් කරන්න බැරි වුණා. අපි කවර රටකද ජීවත් වෙන්නේ? මහා දියුණු තාක්ෂණයක්, කාර්මික ඥානයක් පවතින රටක ගොඩනැගිල්ලක් හදලා විවෘත කරන්න වසර 20ක් යනවා නම් අපි මොන තරම් වියවුලකද ඉන්නේ කියන කරුණ තේරුම් ගන්න පුළුවන්. එදා ඇස්තමේන්තුවත් අද ඇස්තමේන්තුවත් බලන්න. අඩුම තරමින් ඇස්තමේන්තුව පස් ගුණයකින් වැඩි වෙලා ඇති. මේ මහජනතාවගේ බදු මුදල්. 2005 වසරේ වැයකරන මුදලට ප්‍රතිඵල 2025දී නම් ලැබෙන්නේ මහජනතාවගේ මුදල්වලට සාධාරණයක් අප කර නැහැ. රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින ආකාර්යක්ෂමතාව, පැටලිලි සහගත භාවය, ව්‍යාකූලත්වය එකින් එක විසඳීමට අප උත්සාහ ගනිමින් සිටිනවා.

මේ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම සම්බන්ධයෙන් හිනිදුම සුනිල් අමාත්‍යතුමා කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කළා. විශාල ගොඩනැගිල්ලක් හදලා තිබෙනවා, විදුලිය ගන්න බැරිව තිබෙනවා, සමහර තඹ කම්බි කපලා, බිත්ති අවපැහැ ගැන්විලා තිබුණා කිව්වා. අනාගතයේ මේ ප්‍රශ්නයට ලබා දෙන විසඳුම් ගැන සාකච්ඡා කළා. පසුව ඉක්මනින් මුදල් ප්‍රතිපාදන වෙන් කළත් විදුලිය ලබා ගන්න ගැටලුවක් වුණා. තඹ කම්බි කපාගෙන යන තත්ත්වයට පත් වුණේ ඇයි? මේවා කරන්නේ මීට සැතපුම් 50ක් එහා ඉන්න අය නෙමෙයි. මේවා කපාගෙන යන්නෙ මේ අවට ඉන්න අයයි. මේ පිරිවෙනේ ඓතිහාසික උරුමය, කාර්යභාරය, වැදගත්කම පිළිබදව වඩා හොඳින් දන්නෙත් මේ අවට අයයි. හැබැයි මෙවැනි උත්තරීතර තැනක කම්බියක් තියා ගන්න බැරි නම් රට කොතැනද තිබෙන්නේ.

මත්ද්‍රව්‍ය තමයි මේකට ප්‍රධාන හේතුව. කටුනායක අධිවේගී මාර්ගයේ කම්බි ආරක්ෂාවට එස්ටීඑෆ් යොදවලා තිබෙනවා. ගම්වල අලි වැටට දාලා තිබෙන බැටරිය අරගෙන යනවා. එනිසා මේ ගොඩනැගිල්ලේ තිබූ විශාල කම්බි කපාගෙන යෑම පිටුපස තිබෙන මත්උවදුර පිළිබදව අප අවධානය යොමු කළ යුතුයි. රජයක් විදිහට අපට අත්හළ නොහැකි වගකීමක් පැවරී තිබෙනවා.


මේ මත්ද්‍රව්‍යයට එරෙහිව ගෙන යන සටන අප අවසන් කරනවා. මේ මත්ද්‍රව්‍ය අප නොසිතන කේෂ්ත්‍ර දක්වා පැතිර ගොස් තිබෙනවා මේ උවදුරට එරෙහිව දේශපාලන, මතවාද තිබෙන්න පුළුවන්. එහෙත් මේ ව්‍යසනය නතර කිරීමට සියලු දෙනාම එක් විය යුතුයි. ගම සහ පන්සල අතර තිබෙන ඓතිහාසික සබඳතාව බිඳින්න බැහැ. අපි වැරැද්දක් කළොත් කියන්නේ ගමේ පන්සලේ හාමුදුරුවන්ටයි. ගමයි පන්සලයි අතර ආධ්‍යාත්මික සබඳතාවයක්, ඓතිහාසික උරුමයක් තිබෙනවා. භික්ෂුවගේ උරුමය මේ සමාජයට යළි අවශ්‍යයි. මේ රටට ඇති වූ සෑම අනතුරකදීම භික්ෂූන් වහන්සේලා ඉදිරියට ආවා.

උන්වහන්සේලා රටට සහ ජාතිය, මහජනතාවගේ හිතසුව වෙනුවෙන් කොතරම් කාර්යක් කර තිබෙනවාද? ශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේලා දෙපතුල් ගෙවෙන තෙක් ගම් නියම්ගම් කරා වැඩම කළා. අපේ රට යළි යථාවත් කිරීමට එවැනි භික්ෂූන් වහන්සේලාගේ මැදිහත් වීම අවශ්‍යයි. ඒ මැදිහත් වීම සිදු කරන ලෙසට ඔබ වහන්සේලාට මා ආරාධනා කර සිටිනවා."


බෝධිසත්ව ගුණෝපේත රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් 1875 නොවැම්බර් 01වන දා ආරම්භ කරන ලද පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වත්මන් බෞද්ධ අධ්‍යාපනයේ එක් මූලස්ථානයකි.

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ආරම්භ කර මෙම වර්ෂයට වසර 150ක් සම්පූර්ණ වේ. මේ දීර්ඝ ඉතිහාසය තුළ විද්‍යාලංකාර පිරිවෙනින් රටට, ජාතියට, ආගමට, දහමට සහ භාෂා ශාස්ත්‍රාදියට සිදු වී ඇති සේවාව ඉමහත්ය. සිංහල, පාලි, සංස්කෘත, බුද්ධ ධර්මය කේන්ද්‍ර කර ගත් ප්‍රාචීන පණ්ඩිත උපාධිය අරමුණු කර භික්ෂුන් වහන්සේ නමකට අවශ්‍ය අධ්‍යාපනය මෙමඟින් ලබා දෙන අතර වර්තමානයට අවශ්‍ය තොරතුරු තාක්ෂණ දැනුම මෙන්ම ඉංග්‍රීසි භාෂා දැනුම ලබා දීමද සිදු කෙරෙයි.

විද්‍යාලංකාර පිරිවෙනේ නව වෙබ් අඩෙවිය විවෘත කිරීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණු අතර ‘යෙළසිය අබිමන්’ ශාස්ත්‍රීය සංග්‍රහය සහ සමරු කලාපයද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ, රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ඇමරිකාවේ වොෂින්ටන් මේරිලන්ඩ් විහාරාධිපති අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ යන හිමිවරුන් වෙත සහ ජ්‍යෙෂ්ඨ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මාහාචාර්ය දර්ශන රත්නායක යන මහත්වරු වෙත ගෞරව උපාධි පිරිනැමීමද මෙහිදී සිදු කෙරිණි.

එමෙන්ම විද්‍යාලංකාර අවසාන විභාගයේ සහතිකපත් ප්‍රදානය සඳහාද ජනාධිපතිවරයා එක් විය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

 පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

 පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...