IOC ඉන්ධන මිලත් සංශෝධනය වෙයි

IOC ඉන්ධන මිලත් සංශෝධනය වෙයි

October 31, 2025   10:14 pm

ලංකා IOC සමාගම ද ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන්වලට සමගාමීව සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව රුපියල් 299ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 05කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 294.00ක් වේ.

එමෙන්ම රුපියල් 313ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල ද රු.5කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 318.00කි.

රුපියල් 335ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිදු වෙනසක් සිදුව නොමැති අතර රුපියල් 277ක්ව පැවති සුදු ඩීසල් ලීටරයක මිල ද සංශෝධනය වී නොමැත.

එමෙන්ම රුපියල් 180ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිලෙහි ද කිසිදු වෙනසක් සිදුව නොමැති බව වාර්තා වේ.