header logo
SLIC
උණුසුම් පුවත්
වැලිගම සභාපතිවරයා ඝාතනය කර ඇත්තේ රුපියල් ලක්ෂ 15කට?
Oct 27, 202507:57 PM
වැලිගම සභාපතිවරයා ඝාතනය කර ඇත්තේ රුපියල් ලක්ෂ 15කට?
Mobitel 1278

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි තබා ඝාතනය කර ඇත්තේ රුපියල් ලක්ෂ 15ක කොන්ත්‍රාත්තුවකට බව හෙළි වී ඇතැයි පොලීසිය පවසයි.

ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවටගත් අවස්ථාවේ හෙළිකර ඇත්තේ මෙම ඝාතනය 'ඩුබායි ලොක්කා'ගේ කොන්ත්‍රාත්තුවක් මත සිදුකළ බවය.

සිද්ධියේ වෙඩික්කරු ඇතුළු සැකකරුවන් 6 දෙනාගෙන් මේ වන විට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ප්‍රශ්න කරමින් සිටී.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය බදාදා වෙඩිතබා ඝාතනය කෙරුණේ ප්‍රාදේශීය සභාවේ මහජන දිනයේ සිය කාර්යාලයේ රැඳී සිටියදීය.

යතුරුපැදියකින් පලාගිය සැකකරුවන් සොයා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ඇරඹූ අතර ඒ සඳහා CCTV දර්ශනද උපයෝගී කරගැනුණි.

ඒ අනුව සැකකරුවන් සැඟව සිටින්නේ කැකිරාවේ බවට හඳුනාගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, තවත් පොලිස් කණ්ඩායම් කිහිපයක් සමඟ ඒකාබද්ධව කැකිරාව නිවාස 50 ප්‍රදේශයේ කමතක් සඳහා භාවිත කරන ලද භූමියක නිවසක් ඊයේ අලුයම වැටලුවේය.

එහිදී සැකකරුවෙක් හා සැකකාරියක් අත්අඩංගුවට ගැනුණු අතර එම සැකකරු ඝාතන සිද්ධියේ යතුරුපැදිය පැදවූ පුද්ගලයාය.

අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලීසිය හා සැකකරුවන් අතර පොර බැදීමක් සිදුව ඇති අතර එහිදී එක් සැකකරුවෙකු පලාගොස් තිබුණි.

පොලීසිය පවසන පරිදි එලෙස පලාගොස් තිබුණේ සභාපතිවරයා ඝාතනය කළ බව කියන වෙඩික්කරුවාය.

ඒ අනුව වෙඩික්කරු සොයා පුළුල් විමර්ශනයක් ආරම්භ කෙරුණු අතර ඒ සඳහා අපරාධය සිදුවූ දින CCTV දර්ශන හා AI තාක්ෂණය ද යොදා ගෙන තිබුණි.

වෙඩික්කරු වෙස්වලාගත හැකි සියලුම විධි උපකල්පනය කර AI තාක්ෂණයෙන් ඡායාරූප සැකසූ බුද්ධි අංශ නිලධාරින් එම ඡායාරූප පොලිස් නිලධාරින් ඇතුළු සියලු විමර්ශන නිලධාරින්ගේ ජංගම දුරකථන වෙත යොමු කළේය.

ඒ අතර, පලාගිය වෙඩික්කරු ඊයේ අලුයම කැකිරාවේ සිට බස් රථයකින් කොළඹට පැමිණ ඇතැයි විමර්ශන නිලධාරින්ට තොරතුරු වාර්තාවුණි.

එම හෝඩුවාව මත පොලිස් නිලධාරින් කොළඹ , මහරගම, නුගේගොඩ, කොට්ටාව, අතුරුගිරිය ඇතුළු ස්ථාන රැසක විශේෂ සෝදිසි මෙහෙයුම් දියත් කර තිබුණි.

මේ අතරවාරයේ කොළඹට පැමිණි සැකකරු එතැන් සිට බොරැල්ල සහස්පුර නිවාස සංකීර්ණයේ නිවසකට ඉතා සූක්ෂම ලෙස ‍පැමිණ‍ තිබූ අතර එහිදී සිය පෙනුම වෙනස් කර ගැනීම සඳහා කොණ්ඩය කපා ඇඳුම් මාරුකරගෙන තිබුණි.

පසුව මත්ද්‍රව්‍ය පානය කර ඇති සැකකරු සිය ජංගම දුරකථනය ආරෝපණය කරගැනීම සඳහා එය එම නිවසේ සිටි අයෙක් වෙත ලබාදී ඇති බව පොලීසිය පවසයි.

අනතුරුව වෙඩික්කරු ත්‍රිරෝද රථයක නැගී නුගේගොඩ දෙසට පැමිණ ඇති බව විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන ඇත.

තදින් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී සිටි ඔහු එම ගමන අතරවාරයේදීත් විවිධ ප්‍රදේශවලදී මත්ද්‍රව්‍ය සොයා ඇති බවත් වාර්තා වෙයි.

අපරාධය සඳහා කොන්ත්‍රාත් මුදලින් කොටසක් ඔහුට ලැබී ඇති අතර ඔහු එහි ඉතිරි මුදල ලබාගැනීම සඳහා මහරගම නගරයට පැමිණ ඇති බව පොලීසිය අනාවරණ කරයි.

ඒ අතරවාරයේ සැකකරු මහරගම නගරයේ බෝ ගහ අසල දුරකථන අලෙවිසැලකට ගොඩ වී තිබුණේ ජංගම දුරකථනයක චාජරයක් මිලට ගැනීම සඳහාය.

එහිදී සැකකරුට ඩුබායි රාජ්‍යයෙන් දුරකථන ඇමතුමක්ද ලැබී ඇති අතර එමගින් සැකකරුට දන්වා ඇත්තේ ඔහු සතුව ඇති ජංගම දුරකථනය හැකි ඉක්මනින් ඉවත් කරන ලෙසය.

ඒ අනුව ජංගම දුරකථන අලෙවිසැලෙන් පිටතට පැමිණෙන සැකකරු නැවත වරක් පලායාමට උත්සාහ දරන්නේ විමර්ශන නිලධාරින් රැසකගේ උකුසු ඇස් ඔහු වෙත යොමුව තිබූ පසුබිමකය.

මහරගම ප්‍රදේශයේ සිට සැකකරු ලුහුබැඳ ආ ආවේක්ෂණ නිලධාරියෙක්, මෙම පුද්ගලයා වෙඩික්කරු බවට නිශ්චිත වශයෙන් අනාවරණ කර ගැනීමත් සමඟ වෙඩික්කරු සොයන මෙහෙයුම සඳහා නිලධාරින් සකස් කරගෙන තිබූ වට්ස් ඇප් සමූහයට ඒ බව දන්වා තිබුණි.

මෙම මෙහෙයුම සඳහා සියලු තාක්ෂණික සහාය සපයමින් සැකකරු සිටින ස්ථානය ඒ වන විටත් තහවුරු කරගැනුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්ය.

කෙසේවෙතත් තමා පසුපස එමින් සිටි ආවේක්ෂණ නිලධාරියා සම්බන්ධයෙන් ඇති වූ සැකය මත සැකකරු දිව යාමට උත්සාහ දැරුවත් විමර්ශන නිලධාරින් රැසක් ඒ වනවිටත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ක්ෂණිකව එම ස්ථානයට පැමිණ තිබුණි.

ඒ අනුව ක්‍රියාත්මක වූ විශේෂ කාර්යය බළකා නිලධාරින් සහ බුද්ධි අංශ නිලධාරින් සැකකරු අත්අඩංගුවට ගත්තේය.

සැකකරුගේ දකුණු අතෙහි ඉහළ බාහුවේ ඉංග්‍රිසි බසින් 'ANURADA' ලෙසත්,වම් අතෙහි සිංහල බසින් 'හිතුමතේ ජීවිතේ' ලෙසත්, පපුවේ වම්පස බිරිඳගේ බව පැවසෙන පච්චයක්ද , පපුවේ දකුණුපස සඳසි දුව යනුවෙන් පච්චයක ද සලකුණු දක්නට ලැබුණු නිසා මෙම පුද්ගලයා වෙඩික්කරු ලෙස නිශ්චිත වශයෙන් හඳුනාගත් බව පොලිසිය පැවසීය.

සැකකරු ගාල්ල අඟුලුගහ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක් වන නුවන් තාරක නමැත්තෙකි.

පොලිසිය පවසන පරිදි මෙම සැකකරුට සොරකම් චෝදනා මත නඩු 5ක් , මංකොල්ලකෑම් චෝදනා මත නඩු 2ක් , ආයුධ තබාගැනීම් ඇතුළු චෝදනාවලට අදාළ නඩු රැසක් පවතින බව වාර්තා වෙයි.

වෙඩික්කරු මෙම ඝාතනය සිදුකළේ රුපියල් ලක්ෂ 15ක පමණ කොන්ත්‍රාත්තුවකට බව මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි සඳහන්ය.

ඒ අනුව මොහු සහ කැකිරාවේදී අත්අඩංගුවට ගත් පැදිකරු හා සැකකාරිය ඇතුළු සැකකරුවන් 6දෙනා ඊයේ රාත්‍රීයේදීම පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වැඩිදුර විමර්ශන සඳහා භාරදෙනු ලැබීය.

වෙඩික්කරු ඇතුළු සැකකරුවන් පිරිසක් අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත අද පස්වරුවේ ඉදිරිපත් කෙරුණි.

ඔවුන්ගෙන් ප්‍රශ්න කර , අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා අද දෙරණට ප්‍රකාශ කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

 පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

 පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...