
ඉන්දියාවේ රංචිහිදී පැවැත්වෙන 4වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (25) පස්වරුවේ පැවති මීටර 4x100 සහාය දිවීම කාන්තා හා පිරිමි ඉසව් ද්විත්වයේම රන් පදක්කම් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූහ.
පිරිමි අවසන් තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරගය තත්. 39.99කින් අවසන් කිරීමට සමත් විය.
මෙහි රිදී පදක්කම ඉන්දියාව (තත්. 40.65) විසින්ද, ලෝකඩ පදක්කම බංග්ලාදේශය (තත්. 40.94) විසින්ද දිනාගත්තේය.
කාන්තා තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තත්. 44.70කින් සිය ඉසව්ව අවසන්කර රන් පදක්කම දිනාගත්තාය.
ඉන්දියාවට එවරද රිදී පදක්කමෙන් සෑහීමට සිදු වූ අතර, ඔවුන් තරගය තත්. 44.93කින් අවසන් කළාය.
මෙහි ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් වූයේ මාලදිවයින වන අතර, ඔවුන් තත්. 47.79ක දක්ෂතාවක් දැක්වීය.

















































