සැප රියේ බලපත්‍ර රහිතව මත්පැන්  ප්‍රවාහනය කළ අයෙකු අත්අඩංගුවට

සැප රියේ බලපත්‍ර රහිතව මත්පැන් ප්‍රවාහනය කළ අයෙකු අත්අඩංගුවට

October 23, 2025   05:27 pm

සුඛෝපභෝගී මෝටර් රථයක් යොදා ගනිමින් නීතිවිරෝධී ලෙස මත්පැන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු මත්පැන් බෝතල් 30ක් සමග තොඩුවාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු කුලී පදනම මත ලබා ගත් සුපිරි වාහන යොදා ගනිමින් මෙම ජාවාරම සිදු කර ඇති අතර ඒ සඳහා පවුලේ සාමාජිකයන්ද හවුල් කර ගෙන ඇති බව වාර්තා වේ.

සැකකරු මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර පොලිසිය අත්අඩංගුවට ගත් අවස්ථාවේ සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ තම දැරියගේ සැත්කමකට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා මෙම මත්පැන් ප්‍රවාහනය කළ බවය.

අත්අඩංගුවට ගත් සැකකරු, මත්පැන් හා මෝටර් රථය සමග මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.