බන්ධනාගාරයේ ගැටුමෙන් 19 ට තුවාලයි-දෙදෙනකුට බරපතළයි
January 24, 2012 12:53 pm
මැගසින් බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්කාරිත්වය හේතුවෙන් රැඳවියන් 19 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත්,එයින් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
පාලනාධිකාරියට මෑතකදී පත්ව ආ නිලධාරියකුගේ ක්‍රියාකලාපයට විරෝධය පාමින් බන්ධනාගාර රැඳවියන් විසින් අද පෙරවරුවේ විරෝධතා ව්‍යාපාරයක් පවත්වා තිබේ.
එහිදී යම් ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර බන්ධනාගාර ගොඩනැගිල්ලකට කිසියම් පිරිසක් විසින් ගිනිතැබීමේ සිදුවීමක්ද වාර්තා වේ.
එසේ වුවද මේවන විට ගින්න මැඩපවත්වමින් සිටින බවත් බන්ධනාගාර කොමසාරිස්වරයා අවධාරණය කරයි.
කෙසේ වෙතත් මේවන විට තත්ත්වය පාලනය කිරීම සඳහා අමතර නිලධාරීන් කණ්ඩායමක් යොමුකර ඇතැයිද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියි.
එසේම තුවාල ලැබූවන් අතර පොලිස් නිලධාරියකුද සිටින බවත්,තත්ත්වය පාලනය කිරීම සඳහා යුද හමුදාවේ කණ්ඩායමක් පිටත්කර යැවූ බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩයර් නිහාල් හපුආරච්චි මහතා අද දෙරණට කියා සිටියේය.