header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 6ක පුද්ගලයින් 8346ක් පීඩාවට
Oct 21, 202507:54 PM
අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 6ක පුද්ගලයින් 8346ක් පීඩාවට
Mobitel 1278

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 06ක පවුල් 2052කට අයත් පුද්ගලයින් 8346 දෙනෙකු පීඩාවට පත්ව සිටී.

සිදුව ඇති අර්ධ නිවාස හානි සංඛ්‍යාව 335කි.

මේ අතර පෙරේදා පස්වරුවේ අධික වැසි මධ්‍යයේ උපකාරක පංති ගොස් නැවත පැමිණෙමින් සිටියදී අවිස්සාවේල්ල - මාදොල ප්‍රදේශයේ කාණුවකට ඇදවැටී මීටර් 80ක් පමණ ජලයේ ගසාගෙන ගිය 17 හැවිරිදි සිසුවිය අද ජීවිතක්ෂයට පත්වුණි.

ඒ, අවිස්සාවේල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

අද රාත්‍රියේ මෙන්ම හෙට (22) දිනයේත් දිවයිනේ පළාත් රැසකට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය ඉදිරි පැය 12 තුළ අඩුපීඩන තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවය.

ගෙවුණු දින කිහිපයේ වගේම ඊයේ රාත්‍රියේ සහ අද දහවල් කාලයේත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇදහැලුණි.

අද පෙරවරු 8.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය වාර්තා වුණේ ගාල්ල - සිරිකඳුර වතුයායෙනි.

එම අගය මිලිමීටර් 241කි.

එමෙන්ම, ගාල්ල මොන්රෝවියා ප්‍රදේශයට මිලිමීටර් 229.2ක වර්ෂාපතනයක් සහ ගාල්ල - බලපිටියට මිලිමීටර් 178.6ක වර්ෂාපතනයක් ඇද හැලී තිබුණි.

දැනට දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවයේ බලපෑම හේතුවෙන් තවදුරටත් ප්‍රදේශ රැසකට ඉතා තද වැසි අපේක්ෂා කෙරේ.

ඒ් අනුව ඉදිරි පැය 12 තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වලත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් ‍මිලිමීටර 150ට වැඩි ඉතා තද වැසි ඇද හැලිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ෙදිගින් දිගටම ඇදහැලෙන තද වැසි සමඟ දිවයිනේ ප්‍රධාන ජලාශ කිහිපයකම වාන්දොරටු විවෘත කෙරුණු අතර පවතින තද වැසි සමඟ ප්‍රදේශ රැසක ජලාශවල වාන්දොරටු තවදුරටත් විවෘත කර තිබේ.

ඒ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි රාජංගනය ජලාශයේ වාන්දොරටු 8ක්, අංගමුව ජලාශයේ වාන්දොරටු 2ක් , කලාවැවේ වාන්දොරටු 2ක් ලෙසින්ය.

මීට අමතරව කුරුණෑගල දැදුරුඔය ජලාශයේ වාන්දොරටු 6ක්ද , මහනුවර පොල්ගොල්ල ජලාශයේ වාන්දොරටු 03ක් ද තවමත් විවෘතව පවතී.

එමෙන්ම මොනරාගල අලිකොටආර ජලාශයේ වාන්දොරටු තුනක් සහ මාතලේ ඉබ්බන්කටුව ජලාශයේ වාන් දොරටු 04ක් සහ කුරුණෑගල කිඹුල්වානාඔයේ වාන් දොරටු 02ක් විවෘත කර තිබේ.

මේ අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වුණේ මහඔය ධාරා ප්‍රදේශවලට ලැබුණු වැසි සැලකිල්ලට ගෙන ඒ ආශ්‍රිත අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන සහ දංකොටුව යන පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවය.

එසේම, දැදුරු ඔයේ ජල මට්ටම ඉහළයෑමෙන් වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත ඇතුළු ගංවතුර නිම්නයේ පහළ ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

පස්සර සිට බිබිල, ලුනුගල සහ මොනරාගල දක්වා ඇති මාර්ගයේ කිලෝමීටර් 13 කනුව ආශ්‍රිතව තෙවන වරට නායයාම් සමග ගල්කඩාවැටීමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

මේ අතර, පවතින අධික වර්ෂාව සමඟ මහනුවර අස්ගිරිය දොඩම්වල පටු මාර්ගයේ විශාල කොටසක් ඒ අසළ වූ සණස කාර්යාලයද සමඟින් ගිලා බැස තිබේ.

ප්‍රදේශවාසීන් සඳහන් කළේ, මාර්ගයේ මෙම කොටස ක්‍රමයෙන් ගිලා බැස තිබූ බවය.

පැවති වැසි සමග ගාල්ල - අක්මීමන ප්‍රදේශයේ නිවසක් මතට ගසක් කඩා වැටී තිබූ අතර, ඉන් කිසිදු ජීවිත හානියක් සිදුව තිබුණේ නොමැත.

මේ අතර, බගවන්තලාව කැම්පියන් වතුයාය හරහා අද අලුයම හමා ගිය දැඩි සුළගකින් නුග ගසක් කඩා වැටී එම වතුයායේ සමූපාකාර ගොඩනැගිල්ලට දැඩි ලෙස අලාභ හානි සිදුව තිබුණි.

මේ අතර, අධික වැසි හේතුවෙන් කළුතර - තෙබුවන - පහළ නෑබඩ ප්‍ර දේශයේ නිවසක මුළුතැන්ගෙයි වහලය සහ බිත්තිය අද කඩා වැටී තිබුණි.

ඉන් නිවැසියන් කිසිවෙකුටත් හානියක් සිදුව තිබුණේ නැත.

මේ අතර මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක මැදිරියක කොටසකට ඉහළ කෝට්ටේ ප්‍රදේශයේදී පස්කන්දක් නායයාමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට එල්ල වූ බාධාව තවදුරටත් පවතී.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ පවතින හමුවේ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය හෙට දහවල් 12.00 දක්වා යථා තත්ත්වයට පත්කළ නොහැකි බවය.

මේ හේතුවෙන් අද රාත්‍රී තැපැල් දුම්රියද ධාවනය නොවන අතර, කොළඹ සිට ධාවනය වන දුම්රිය රඹුක්කන දක්වාත්, බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රිය පේරාදෙණිය දක්වාත් සීමා කර තිබෙනවා.

යුද හමුදාවේද සහායෙන් දුම්රිය මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු අද දිනයේදී සිදුකෙරුණි.

පවතින තත්ත්වය යටතේ දිස්ත්‍රික්ක 11ක ප්‍රදේශ රැසක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගත්තේය.

ඒ අනුව බදුල්ල, කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්කවල නායයෑම් අවදානම් සහිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණි.

මේ අතර, අදත් ප්‍රදේශ රැසක දෛනික කටයුතුවලට වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් බාධා එල්ල වුණි.

ඇදහැළුණු අධික වැසි හේතුවෙන් ප්‍රදේශ කිහිපයකින් සුළු ගංවතුර තත්ත්වයන් වාර්තා වුණි.

වැසි හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග කිහිපයක් අද පෙරවරුවේ ජලයෙන් යටව තිබුණි.

ඒ හේතුවෙන් ඇතැම් ස්ථානවල රථවාහන තදබදයක්ද හටගෙන තිබුණි.

මේ අතර, අයහපත් කාලගුණයත් සමග ඇතැම් මුහුදු තීරවල රළු ස්වභාවයක් දක්නට ලැබෙයි.

MostRead
Mobitel 1278
VideoStories
''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ