උඩරට මාර්ගයේ අවලංගු වූ මුළු දුම්රිය ගමන් වාර ගණන 42ක්

උඩරට මාර්ගයේ අවලංගු වූ මුළු දුම්රිය ගමන් වාර ගණන 42ක්

October 21, 2025   04:06 pm

උඩරට දුම්රිය මාර්ගයේ පිලී පැනීම හේතුවෙන් අද (21) දිනට නියමිත කොළඹ කොටුව සිට මහනුවර මාතලේ හා ප්‍රාදේශීය ගමනාගමන මගී ප්‍රවාහන දුම්රිය ගමන් වාර 22 ක් අවලංගු කොට ඇති බව දැනුද් දී තිබේ.

ඒ අනුව, කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ  සිට බදුල්ල හා නානුඔය බලා ධාවනයට නියමිත වූ දුම්රිය ගමන් වාර 4 ක්, මහනුවර දුම්රිය ස්ථානයෙන් සිට ගමන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

එම ගමන්වාර ආරම්භ කිරීමට නියමිත වේලාවට මෙලෙස මහනුවර දුම්රිය ස්ථානයේ සිට බදුල්ල බලා ධාවනය කිරීමට නියමිත බව සඳහන් වේ.

තව ද නානුඔය හා බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන ගමන් වාර 04 ක් පේරාදෙණිය හා මහනුවර දක්වා ධාවනය කිරීම සිදු වේ.

උඩරට මාර්ගයේ පිලී පැනීම හේතුවෙන් මෙම දින තුන තුළ අවලංගු වූ මුළු දුම්රිය ගමන් වාර ගණන 42 කි.

එමෙන්ම හෙට දහවල් 12 වන තුරුද පහත පරිදි දුම්රිය ගමන් වාර අවලංගු කිරීමට සිදුව ඇති බව දැනුම් දී තිබේ.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.