ජාතික උද්ධමනය ක්‍රමයෙන් ඉහළට
October 21, 2025 03:14 pm
2025 සැප්තැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව 2025 අගෝස්තු මාසයේදී 1.5%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2025 සැප්තැම්බර් මාසය සඳහා 2.1% ක් දක්වා වැඩි වී ඇත.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ 2025 අගෝස්තු මාසයේ දී 2.9% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 සැප්තැම්බර් මාසයේදී 3.8%ක් දක්වා වැඩිවී ඇති බවය.
එමෙන්ම, 2025 අගෝස්තු මාසයේදී 0.4%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 සැප්තැම්බර් මාසයේදී 0.7%ක් දක්වා වැඩි වී ඇත.