header logo
SLIC
උණුසුම් පුවත්
පාස්කු ප්‍රහාරයට යුද හමුදා කර්නල්වරයෙකු අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම දීර්ඝ කෙරේ
Oct 21, 202502:54 PM
පාස්කු ප්‍රහාරයට යුද හමුදා කර්නල්වරයෙකු අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම දීර්ඝ කෙරේ
EDEX

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමකින් තොරව යුද හමුදා හිටපු බුද්ධි අංශ සාමාජිකයෙකු වන කර්නල් කේ.එස්. මද්දුමගේ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය නොවැම්බර් මස 11 වනදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියම කළේය.

අදාළ කර්නල්වරයා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද (21) යළි සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබුණි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.

පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ඒක පාක්ෂිකව නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය අත් හිටුවන ලෙස ඉල්ලා සිටියාය.

ඊට අදාළව තමන් සීමිත විරෝධතා ගොනුකර තිබෙන බවද ඇය අධිකරණය හමුවේ සඳහන් කළාය.

පෙත්සම්කාර යුද හමුදා නිලධාරියා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයා වසර 29ක යුද හමුදා සේවයක් සපුරා සිටින පලපුරුදු නිලධාරියෙකු බවත් ඔහු දක්ෂ යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයෙකු බවත් සඳහන් කළේය.

මේ වන විට ඔහු දියතලාව යුද හමුදා පුහුණු විද්‍යාලයේ සේවය කරන බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ඔහු අත්අඩංගුවට ගැනීමට කිසිදු සාක්ෂියක් නොමැති බව පෙන්වා දී තිබේ.

වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටින මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර යන අය පසුගිය කාලයේ පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළ බව සඳහන් කර ඇත.

එම පෙත්සම් ඉකුත් වසරේ ඔක්තෝම්බර් මස 20 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන අය අඩංගුවට ගැනීමක් නොකරන බවට නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදී තිබූ බවත් ඔහු පෙන්වා දී තිබේ.

එවැනි මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළ ශානි අබේසේකර සහ රවී සෙනවිරත්න යන නිලධාරීන් විසින් වර්තමානයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන අධීක්ෂණය කිරීම බරපතළ ගැටලුවකට තුඩුදෙන කරුණක් බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කර ඇත.

පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත් වූ පුද්ගලයින්ට අවශ්‍ය වන්නේ සත්‍ය දැනගැනීම බවත් එහෙත් එම විමර්ශන වර්තමානයේ දේශපාලන ක්‍රීඩාවක් බවට පරිවර්තනය වී තිබීම කණගාටුදායක තත්ත්වයක් බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර තිබේ.

පාස්කු ප්‍රහාරයට දින 11 කට පමණ පෙර එවැනි ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට සඳහන් තොරතුරු යුද හමුදා බුද්ධි අංශය විසින්ද පොලීසිය වෙත සපයා දී තිබූ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඉන්දියානු බුද්ධි අංශයක් විසින්ද එම ප්‍රහාරය එල්ල කරන ස්ථාන, ඊට සම්බන්ධ වන පුද්ගලයින් පිළිබඳ සවිස්තර තොරතුරු මෙරටට දැනුම් දී තිබූ බවත් පෙන්වා දී ඇත.

එහෙත් පොලීසියේ අකාර්යක්ෂම ක්‍රියා කලාපය නිසා මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූ බව ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් "ෆෝ නාලිකාව" විසින් විකාශය කරන ලද වැඩසටහනක් හේතුවෙන් වර්තමානයේ නව විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවට චෝදනා කළ ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා සෑම වසරකම ජිනීවා මානව හිමිකම් කොමිසමේ සැසිවාරය ආරම්භ වීමට නියමිත ආසන්න කාලයේ එම රූපවාහිනී නාලිකාව ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ අපකීර්තියට පත් කරමින් විවිධ වැඩසටහන් විකාශය කිරීම පුරුද්දක් කරගෙන තිබෙන බවත් පැවසීය.

ශ්‍රී ලංකාවේ සිට පලාගොස් මේ වනවිට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ පතා සිටින අසාද් මවුලානා නමැත්තා channel 4 නාලිකාවට සිදුකළ ප්‍රකාශයක් පදනම් කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වර්තමාන විමර්ශනය ආරම්භ කර තිබෙන බවත් ඔහු පවසා ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අසාද් මවුලානා විසින් සිදුකළ ප්‍රකාශයේ සත්‍ය අසත්‍යභාවය සෙවීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කෙරුණු කොමිසම විසින් ඊට අදාළ විමර්ශන සිදුකළ බවත් අදාළ ප්‍රකාශයේ කිසිදු පදනමක් හෝ වලංගුභාවයක් නොමැති බවට එම කොමිසම විසින් ඒකමතිකව නිර්දේශ කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පවසා තිබේ.

මෙහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහාර්ෂි හේරත් මහත්මිය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම විමර්ශනවලට අදාළව මෙම පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් තිබේදැයි විමසීය.

ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය පැවසුවේ පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම හෝ නොගැනීම සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ විමර්ශන නිලධාරීන් බවය.

කෙසේ වෙතත් මෙම විමර්ශනයට අදාළව පිටු 68 කින් සමන්විත සවිස්තර "බී වාර්තාවක්" අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් ජූලි මස 22 වනදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අතර එම බී වාර්තාවේ සවිස්තර සාක්ෂි සම්පින්ඩන රැසක් ඇතුළත් කර තිබෙන බවත් පවසා ඇත.

එම බී වාර්තාව තුළ මෙම පෙත්සම්කාර නිලධාරියා සම්බන්ධයෙන්ද විමර්ශන තොරතුරු ඇතුළත් කර තිබෙන බව ඇය කියා සිටියේය.

2018 වසරේ දෙසැම්බර් මස වවුනතීවු ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය කොටි සංවිධානය විසින් සිදුකළ බවට විමර්ශන අංශ නොමග යවන සුළු ආකාරයේ තොරතුරු පොලීසිය වෙත ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පෙත්සම්කාර යුද හමුදා නිලධාරියා පිළිබඳ විමර්ශන සිදුකෙරෙන බවත් ඇය කියා ඇත.

ඒ අනුව හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා තබා විමර්ශන සිදුකළ අතර පාස්කු ප්‍රහාරයේ එල්ලවීමෙන් පසුව සිදුකළ විමර්ශනවලදී එම පොලිස් නිලධාරීන්ගේ ඝාතන සහරාන්ගේ කණ්ඩායම විසින් සිදුකර ඇති බවට විමර්ශන වලදී කරුණු අනාවරණය වූ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය පැවසීය.

ඊට ප්‍රතිචාර දක්වමින් පෙත්සංකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අලි ශබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වවුනතීවු ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතන සිදුවූ විගස ඒවා සිදුකළේ කොටි සංවිධානය විසින් බවට මුලින්ම විශ්වාස කෙරුණු බව කියා සිටියේය.

එම සිද්ධියට අදාළව මුලින්ම කොටි සංවිධානයේ හිටපු සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ මෙම පෙත්සම්කරු නොව පොලීසිය විසින් බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා පොලීසිය එම සැකකරුවන් දෙදෙනා රඳවා ගැනීම සඳහා ආරක්ෂක ලේකම්වරයාගෙන් රැඳවුම් නියෝග ලබාගෙන විමර්ශන සිදුකළ බවත් කියා සිටියේය.

දේශපාලනික අරමුණු ඔස්සේ සිදුකරන මෙවැනි විමර්ශන හරහා වින්දිතයින්ට සත්‍යය අනාවරණය කර ගැනීමට නොහැකි වනු ඇති බවත් පලපුරුදු යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු වන සිය සේවා දායකයා එහි ගොදුරක් බවට පත්වීම අනුමත කළ නොහැකි බවත් ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියට නියම කළේ මෙම පෙත්සම්කාර යුද හමුදා නිලධාරියා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල වර්තමාන තත්ත්වය පිළිබඳ වාර්තාවක් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටය.

ඊට අමතරව මෙම නඩුකරයට අදාළව නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා වග උත්තරකරුවන් විසින් කරනු ලබන ඉල්ලීම පිළිබඳ ලිඛිත කරුණු තිබේනම් ඒවා නොවැම්බර් මස 06 වන දා ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල දෙපාර්ශවයට දන්වා සිටියේය.

ඉන් අනතුරුව අදාළ පෙත්සම වැඩිදුර කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 11 වන දා කැඳවීමට ද දින නියම විය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana