header logo
SLIC
උණුසුම් පුවත්
අඳුර පරදා ආලෝකය ජය ගන්නා දීපාවලී දිනය අදයි
Oct 20, 202506:27 AM
අඳුර පරදා ආලෝකය ජය ගන්නා දීපාවලී දිනය අදයි
Mobitel 1278

ලොව පුරා හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන්, භක්තියෙන් හා උත්සවාකාරයෙන් සමරන දීපාවලී දිනය අදයි.

ඉන්දියානු සංස්කෘතික උත්සව අතරින් ප්‍රධාන ස්ථානයක් ගනු ලබන දීපාවලී දිනය හින්දු බැතිමතුන්ගේ වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් ලෙස සැලකෙයි.

විෂ්ණු දෙවියන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කර ආලෝකය පැතිරවීම සිහිපත් කිරීම දීපාවලී උත්සවයේ අරමුණ වේ.

අඳුර පහව ගොස් ආලෝකය උදාවේවා යැයි ප්‍රාර්ථනා කරමින් හින්දු බැතුමතුන් විසින් තම නිවෙස්වල පහන් දල්වා මෙම උත්සවය සැමරීම සිදු කරනු ලබයි.

මේ අතර දීපවාලිය සැබැවින්ම ආලෝක පූජාවක් වන අතර ඒ වෙනුවෙන් සෑම නිවසක්ම එළි කරමින් දැල් වෙන පහන් සිළෙන් මෙරට ජනතාව ‘පොහොසත් රටක් - ලස්සන ජිවිතයක්’ කෙරෙහි තැබූ අපේක්ෂා ඉටු වේවායි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක් කර ඇත.

දීපාවලී උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සදහන් කළේ මේ වන විට අප අභිමුවේ දැවැන්ත අභියෝගයක් මෙන්ම, මෙරට ඉදිරි ගමනට අකුල් හෙළන විසල් බාධකයක්ව පවතින මත් උවදුර සහ අපරාධ මැඬලීමට රජය මහත් වෑයමක නිරතව සිටින බවය.

පුරවැසියන්ගේ පමණක් නොව, මෙහි පැමිණෙන සියලු ජනයාගේ ශාරීරික, මානසික, භෞතික සහ චිත්තවේගීය සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා වන වගකීම වෙනුවෙන් රජයක් ලෙස උර දී සිටින බව එහි සඳහන් වේ.

සියලු ආගම්වාදී, ජාතිවාදී බලවේග පරාජය කරමින් සමාජ සාධාරණත්වය ස්ථාපිත කිරීමටත් සියලු දෙනාගේ නිදහස සහ ගෞරවය සුරකින සුරක්ෂිත රටක් ගොඩනැගීමටත් අප කැප වී ක්‍රියා කරන බව අදාළ නිවේදනයෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර දීපාවලි දිනයේ දැල්වෙන පහන් ආලෝකය, ආර්ථික පුනරුදයට සහ සමාජ සංහිඳියාවට මූල බීජ වැපිරීමට මඟ පෙන්වන ප්‍රඥා ආලෝකයක් වේවායි දීපාවලි දින පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ප්‍රාර්ථනා කර ඇත.

ගම් දනව් සිසාරා දල්වන දහස් සංඛ්‍යාත පහන් ආලෝකයෙන්, සියලු ලංකාවාසීන්ගේ සිත් තුළ විශ්වාසය, සංහිඳියාව සහ ප්‍රඥාවේ ආලෝකය උදා වේවායි අග්‍රාමාත්‍යවරිය සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව අද වන විට සුවිශේෂි හැරවුම් ලක්ෂයක් පසු කරමින් සිටින බවත් දීර්ඝකාලීන ආර්ථික සහ සමාජීය වශයෙන් ඇති ව තිබූ අන්ධකාරයෙන් හා පසුගාමීත්වයෙන් ගැලවීම අරඹයා, ජනතාව විසින් නව බලාපොරොත්තු හා විශ්වාසයන් අත දරා සිටින අවදියක් ලෙස මෙකී කාල පරාසය හැඳින්විය හැකි බව ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.

මේ අතර යහපත් සමාජයක පැවැත්ම සඳහා අසත්‍යයෙන් සත්‍යයට, අවිද්‍යාවෙන් විද්‍යාවට සමාජය රැගෙන එන ආලෝකයක් වන වැඩපිළිවෙල සඳහා කැපවීම අවශ්‍ය බව දීපාවලි දින පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වර්තමානයේ අසත්‍ය විසින් සත්‍යය වසා දමා ඇති බවත් අවිද්‍යාව විසින් විද්‍යාව යටපත් කරන පසුබිමක කටයුතු කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටී.

මේ හේතුවෙන් යහපත වෙනුවට නපුර ශක්තිමත් වෙමින් පවතින බවත් නපුර පරාජය කර යහපත උදාව ආලෝකමත් කිරීම සඳහා සියලු දෙනා එක්විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය දීපාවලි දින පණිවිඩය මගින් ප්‍රකාශ කර ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්