header logo
SLIC
උණුසුම් පුවත්
වෘත්තිමය වගකීම නිසිලෙස ඉටුකරන රාජ්‍යය සේවයක් රටට අවශ්‍ය බව ජනපති කියයි
Oct 18, 202508:07 PM
වෘත්තිමය වගකීම නිසිලෙස ඉටුකරන රාජ්‍යය සේවයක් රටට අවශ්‍ය බව ජනපති කියයි

වෘත්තීමය වගකීම නිසි ලෙස ඉටුකරන රාජ්‍ය සේවයක් රටට අවශ්‍ය වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

සෑම වෘත්තියක් සඳහාම එම වෘත්තිය සමග බැදුණු විනය සහ වගකීමක් තිබිය යුතු බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබේ.

එමෙන්ම මත්ද්‍රව්‍ය සහ අපරාධවලට දේශපාලනය පමණක් නොව රාජ්‍ය යාන්ත්‍රණයේ පිරිසක් ද සම්බන්ධ බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ත්‍රිකුණාමලය චීන වරායේ පැවති ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වර්ණ ප්‍රදානයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 3 සමුද්‍රීය බලගණයට ජනාධිපති වර්ණ පිළිගැන්වීම, කැඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීම හා පියාසර නිල ලාංඡන පැළඳවීමේ උත්සවය අද පෙරවරුවේ ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨයේදි පැවැත්විණි.

එහි ප්‍රධාන ආරාධිතයා වූයේ සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතායි.

ජනාධිපතිවරයාගේ පැමිණීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 3 සමුද්‍රීය බලගණයට ජනාධිපති වර්ණ පිළිගැන්වීම සිදු කෙරිණි.

ඉන් අනතුරුව කැඩෙට් නිලධාරීන් හා නිලධාරිනියන් 66 දෙනෙකු අධිකාරියට පත් කිරීම සිදු කෙරිණි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,
''අපේ මාතෘ භූමියේ ගුවනේ ආරක්ෂාව රඳා පවතින්නේ ඔබ අතේ. ඒ වගේම අපගේ මුහුදු තීරයේ ආරක්ෂාව සහ ආවේක්ෂණ කටයුතු ඔබට පැවරී තිබෙනවා. මා විශ්වාස කරනවා වර්තමානයේ දී අපේ මුහුදු තීරය ආවේක්ෂණ කටයුතු කිරීමත්, එහි ආරක්ෂාව තහවුරු කිරීමත් ඉතාමත් වැදගත්. ඒ මොකද නීති විරෝධී සංක්‍රමණිකයින්, ඒ වගේම නීති විරෝධී භාණ්ඩ ප්‍රවාහනය, ඒ වගේම ඔබ දන්නවා මත්කුඩු සහ මෑත කාලයේ නම් සමහර අවිආයුධ පවා මේ තීරයෙන් අපේ මාතෘ භූමියට වෙන අවස්ථා අපි දැක තිබෙනවා. විශේෂයෙන්ම වර්තමානයේ මේ මත්ද්‍රව්‍ය සහ ඒ හා බැඳුණු අපරාධ ඒ අපරාධ හා සම්බන්ධ වුණු දේශපාලනය, ඒ අපරාධ හා සම්බන්ධ වුණු රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙන බව අප තේරුම් අරගෙන තිබෙනවා. එහි ගැඹුර, එහි විශාලත්වය අපට මැනගත හැකියි. අපේ ගම්බිම් කරා, එම ව්‍යසනය පැතිරෙමින් තිබෙනවා. එම නිසා එම ව්‍යසනය වැළැක්වීමේදී, මම හිතනවා අපේ මුහුද ආවේක්ෂණ කටයුතු ඉතාමත් වැදගත්. ඒ නිසා ඔබ මත පැවරෙන්නේ, එම ආවේක්ෂණ කටයුතු ඉතාමත් නිවැරදි ඉටු කරමින් මව්බිමේත්, මව්බිමේ වෙසෙන ජනතාවගේත් ආරක්ෂාව සහ සමෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම ඔබ මත පැවරී තිබෙන වගකීමක් ලෙස අප සලකනවා. ඒ නිසා මා හිතනවා, අද ඔබ ප්‍රවිශ්ට වෙන්නේ, අපේ රටේ අනාගතයේ ආරක්ෂකයන් සහ වගකීම් දරන්නන් ලෙස. වෘත්තීමය භාවයක් අපේ රැකියාවන්ට අවශ්‍ය වී තිබෙනවා. ඔබ දන්නවා අපේ බොහෝ වෘත්තීන්වලට අත්පත් වී තිබෙන ඉරණම එතරම් සුබදායී ඉරණමක් නොවේ. එහෙත් අපිට ආඩම්බරයෙන් සහ වගකීමෙන් කියන්න පුළුවන් අපේ ගුවන් හමුදාව තාමත් තමන්ගේ වෘත්තීමයභාවය ඉතාමත් ශක්තිමත්ව ආරක්ෂා කරගන්න සමත්වී තිබෙනවා.''

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana