ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

October 17, 2025   02:44 pm

එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවැත්වෙන ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට චමරි අතපත්තු සමත් වූවාය.

ඒ අනුව ඇය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

තරගාවලියේ 18වන තරගය ලෙසින් මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මේ දක්වා ශ්‍රී ලංකාව තරග 4කට ක්‍රීඩාකර ඇති අතර, ඉන් තරග 2ක් ඔවුන් පරාජය වී ප්‍රසාද ලකුණු සටහනේ 7න ස්ථානයේ රැඳී සිටියි.

ශ්‍රී ලංකාව ක්‍රීඩාකළ තරග 2ක් වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.

මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයේ රැඳී සිටින දකුණු අප්‍රිකාව ක්‍රීඩාකළ තරග 4න් තරග 3ක්ම ජයගෙන ඇත.

එක් තරගයක් පමණක් ඔවුන් පරාජය වී තිබේ.