header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මාස 3ක් තුළ රියදුරු බලපත්‍ර ලක්ෂ 3ක් නිකුත් කිරීමට සැලසුම්
Oct 16, 202503:57 PM
මාස 3ක් තුළ රියදුරු බලපත්‍ර ලක්ෂ 3ක් නිකුත් කිරීමට සැලසුම්
Mobitel 1278

මේ වනවිට ලක්ෂ 3කට අධික රියදුරු බලපත්‍ර ප්‍රමාණයක් නිකුත් කිරීමට පවතින බවත් එම ප්‍රමාණය ඉදිරි මාස 3 තුළ මුද්‍රණය කර නිකුත් කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යාංශ නිලධාරීන් පවසයි.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට එක්වෙමින් ඔවුන් මේ බව සඳහන් කර සිටියේය.

එමෙන්ම අමාත්‍යාංශ නිලධාරීන් වැඩිදුරටත් පැවසුවේ ආරක්ෂිත විශේෂාංග වැඩිකොට සකස් කළ නව රියදුරු බලපත්‍රය ද මේ වසරේදී මුද්‍රණය කර නිකුත් කරන බවය.

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කාඩ්පත් මිලියනයක් ලබාගැනීමට ද සියලු කටයුතු සම්පාදනය කර අවසන් බව එහිදී ඔවුන් කාරක සභාවට දැන්වීය.

නිකුත් කිරීමට පවතින රියදුරු බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීම සඳහා ඒවා මුද්‍රණය කිරීමට අවශ්‍ය මුද්‍රණ යන්ත්‍රයක් සෑම පළාතකම ස්ථාපිත කිරීමට ද මෙහිදී කාරක සභා සභාපතිවරයා, නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

එමෙන්ම වාහන අංක තහඩු නිකුත් කිරීම පිළිබඳව එහිදී ඔහු නිලධාරීන්ගෙන් කරුණු විමසීමක් කළේය.

ඒ අනුව මේ වනවිට ඒ සඳහා සැපයුම්කරුවෙක් තෝරාගැනීමේ ක්‍රියාවලිය සිදුවෙමින් පවතින අතර අමාත්‍ය මණ්ඩල අනුමතියෙන් පසුව ‍එම ක්‍රියාවලිය අවසන් කර අංක තහඩු නිකුත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළ හැකි බව නිලධාරීන් කාරක සභාවට පැවසීය.

තවද දැනට ක්‍රියාත්මක මගී ප්‍රවාහනය සම්බන්ධ ඒකාබද්ධ කාලසටහන පිළිබඳවද මෙහිදී සාකච්ජාවට ලක් කර ඇත.

ඒකාබද්ධ කාලසටහන ක්‍රියාත්මක කිරීම ප්‍රතිපත්තියක් බැවින් එහි පවතින අඩුපාඩු හඳුනාගෙන වඩාත් කාර්යක්ෂම සේවයක් මගීන්ට ලබාදීමට ඉදිරියේදී තවත් ප්‍රදේශවලට මෙය හඳුන්වාදීමට සුදානම් බව කාරක සභා සභාපතිවරයා අදහස් දක්වමින් පැවසුවේය.

එහිදී ඔහු දුම්රිය මාර්ගවලදී අලි ඇතුන්ට සිදුවන අනතුරු අවමකර ගැනීමේ නියමු වැඩසටහනක් පිළිබඳව කරුණු ඉදිරිපත් කළේය.

ඒ අනුව රුපියල් මිලියන 2.8ක මුදලක් වැය කරමින් මඩකලපුව මාර්ගයේ ධාවනය වන දුම්රිය සඳහා දුර පෙනෙන තාක්ෂණය සහිත කැමරා සවි කිරීමට කටයුතු කරන බව ද පැවසුවේය.

ඒ ඔස්සේ වන අලි දුම්රියේ ගැටීම් අවම කරගැනීමට පවතින අවස්ථාව පිළිබඳව නිරීක්ෂණය කරන බව කාරක සභා සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ ප්‍රදේශවල පවතින ගැටලු හා ඒවාට අවශ්‍ය විසදුම් පිළිබඳව ද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

MostRead
Mobitel 1278
VideoStories
පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ