ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ලෙස මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා පත් කෙරේ
October 10, 2025 04:19 pm
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී. කේ. පෙරේරා මහතා පත් කර තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දෙනු ලැබීය.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා මහතා මීට පෙර ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේය.