
2025 වසරේ භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය බ්‍රිතාන්‍ය, ප්‍රංශ සහ අමෙරිකානු ජාතික විද්‍යාඥයින් තිදෙනාට ප්‍රදානය කරන බව නොබෙල් ත්‍යාග කමිටුව අද (07) නිවේදනය කළේය.
එම ත්‍යාගය හිමිකරගෙන ඇත්තේ ජෝන් ක්ලාක්, මයිකල් එච්. ඩෙවොරෙට් සහ ජෝන් එම්. මාර්ටිනිස් යන විද්‍යාඥයින්ය.
ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව පිළිබඳ සොයාගැනීම් සඳහා මෙම විද්‍යාඥයින් තිදෙනාට නොබෙල් ත්‍යාගය ලබාදීමට තීරණය කළ බව නොබෙල් ත්‍යාග කමිටුව අද ස්වීඩනයේ ස්ටොක්හෝම් හි පැවති උත්සවයකදී මෙම නිවේදනය කර තිබුණි.



















































