header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
නීත්‍යානුකූල පාලනයේ සුරක්ෂිතභාවය උදෙසා කළු පාලනය අවසන් කළ යුතුයි
Oct 03, 202504:20 PM
නීත්‍යානුකූල පාලනයේ සුරක්ෂිතභාවය උදෙසා කළු පාලනය අවසන් කළ යුතුයි
Mobitel 1278

නීත්‍යානුකූල ව්‍යවස්ථාපිත පාලනයේ සුරක්ෂාව උදෙසා තැබූ පියවර ආපසු නොහරවන බව ජනාධිපතිවරයා ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික මඟුල් මඩුවේදී මහා සංඝරත්නය ඉදිරියේ පැවසීය.

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අභිනව අනුනායක ධුරයට පත් වූ පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් හට සන්නස් පත්‍රය පිළිගැන්වීමේ පූජෝත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

එමෙන්ම සමාජයට අලුත් හර පද්ධතියක් අවශ්‍යව ඇති බව ද පැවසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ධනය හෝ නිලතල වත්මන් සමාජයේ උස් පහත් බව මනින තත්ත්වයට පත්ව ඇතැයි ද කියා සිටියේය.

"එක පැත්තකින් ව්‍යවස්ථාවෙන් පිහිටවූ ආණ්ඩුවක් තියෙනවා. එතරම් බලවත් නොවුණත් මතුපිට ආණ්ඩුවේ සියලු අංග සහිත කළු පාලනයකුත් අපේ රටේ තියෙනවා. නීතියානුකූල පොලීසියක් තියෙනවා. කළු පාලනයටත් පොලීසියේ කට්ටියක් ඉන්නවා. දැන් අපි ඉන්නේ ද්විත්ව ආණ්ඩුකරණයේ. එකක් ජනතාව විසින් තෝරාපත් කරගත් ආණ්ඩුව. අනෙක අවිබලය විසින් නිර්මාණය කළ කළු පාලනය. අපි තීරණයක් ගත යුතුයි හාමුදුරුවනේ, එක්කෝ ඕන දෙයක් සිදුවුණාදේ කියලා කළු පාලනය තියෙද්දි අපේ පාලනය කරගෙන යන්න. එහෙම නැත්නම් ව්‍යවස්ථානුකූල පාලනය අතහැරලා අපි හැමෝම කළු පාලනයට යන්න ඕනේ. එහෙම නැත්නම් නීත්‍යානුකූල පාලනයේ සුරක්ෂිතභාවය උදෙසා කළු පාලනය අවසන් කළ යුතුයි. මම හිතනවා අපේ ආණ්ඩුව තෝරාගත්තේ ඒ පාර. ඒ සඳහා තැබු පියවර කිසිසේත්ම ආපසු අරන් නැති බව හාමුදුරුවන් වහන්සේලාට සපථ කරලා පවසනවා."

මේ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ, සමාජයේ ඇති වී තිබෙන යම් යම් පිරිහීම් හමුවේ, විහාර දේවාලගම් පනත සංශෝධනය කිරීමට කටයුතු කර ඇති බවය.

"විශේෂයෙන්ම විහාර දේවාලගම් පනතේ 41 වන වගන්තිය සහ 42 වගන්තිය අවශ්‍ය වන සංශෝධනය සහිත බලයන් ලබාදෙන්න කියලා ඔබවහන්සේලාගෙන් ඉල්ලා සිටියා. ඒ සංශෝධන සකස් කරා. නැවත සංශෝධනය කරලා මහනායක උන්වහන්සේලාට ඉදිරිපත් කළා. උන්වහන්සේලාගේ අදහස් සහිතව නැවත සංශෝධනය කරමින් දැන් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ තියෙනවා. ඉතා ඉක්මනින් අපි ඒ නීතිය සම්පාදනය කරලා ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් එහි පවත්වාගත යුතු විනය කර්ම පවත්වා ගැනීමට නීතිමය රැකවරණය අපි විසින් ලබාදෙන්නම්...හැබැයි නීතිය පමණක් ප්‍රමාණවත් වන්නේ නෑ."

සමාජයේ කැලඹීමක් ඇති වෙන ඕනෑම වේලාවක මහා නායකහිමිවරු සක්‍රීයව එයට දායකවී අනුසාසනා ලබාදීම සමාජයට අවශ්‍ය බව ද අවධානය කර සිටි ජනාධිපතිවරයා, විධායක ජනාධිපතිවරයාට සීමාවන් නොමැති වුවත් තමාට සීමාවන් ඇති බව ද මෙහිදී අවධාරණය කළේය.

"ජනාධිපතිවරයා ලෙස මා දන්නවා මට තියෙන සීමාවන් කවරක්ද කියලා. බොහෝ අය හිතාගෙන හිටියා මේකට සීමාවන් නෑ කියලා. ඔව් ව්‍යවස්ථාවේ සීමාවන් නෑ. ඕනෑම වැරදිකරුවෙක් නිදහස් කරන්න පුළුවන්, ව්‍යවස්ථාවේ සීමාවන් නෑ. ඕන තරම් රාජ්‍ය ධනය නාස්ති කරන්න පුළුවන්, ව්‍යවස්ථාවේ සීමාවන් නෑ. ඕන තරම් මාළිගාවන් හදන්න පුළුවන් ව්‍යවස්ථාවේ සීමාවන් නෑ. ඕනෑ තරම් පුද්ගලික කාර්ය මණ්ඩලය පත්කරගත හැකියි. ව්‍යවස්ථාවේ සීමාවන් නෑ. එහෙත් විධායක ජනාධිපතිට සීමාවන් නැති වුණාට අපිට සීමාවන් තියෙනවා. ඒ නිසා අපි ඔප්පු කරමින් ඉන්නවා සමහර දේ ප්‍රායෝගිකව සීමා ඔප්පු කරන්න. ආණ්ඩුවට තමන්ට රිසි දේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ස්වාමින් වහන්සේලා ඉතිහාසය පුරා ඔවදන් දීලා මැදිහත් වෙලා තියෙනවා. ඒ උරුමය අපි පිළිගන්න ලෑස්තියි. ඒ නිසා මහානායක හිමිවරු පෙන්වා දුන් කරුණ ගැන කරුණු කිහිපයක් කියන්නම්."

මේ අතර, මහනාහිමිවරු විසින් පසුගිය දා ඉදිරිපත් කළ ලිඛිත ප්‍රකාශය පිළිබඳ ද ජනාධිපතිවරයා මෙහිදී රජයේ ස්ථාවරය ප්‍රකාශ කර සිටියේය.

සමාජ පරිහානියට හේතුවන අදූරදර්ශී නීති හඳුන්වාදීම හා සදාචාර විරෝධී සමලිංගික චර්යාවන් ප්‍රවර්ධනය කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය කටයුතු කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගිය සැප්තැම්බර් 30 වන දින ලිපියක් නිකුත් කර තිබුණි.

ඒ පිළිබඳ අදහස් දැක්වු ජනාධිපතියවරයා පවසා සිටියේ, සංචාරක කර්මාන්තය අවුරුදු 2500ක අනන්‍යාතවය මත ගොඩනැඟී ඇති බවත් ඒ අනුව ඓතිහාසික උරුමය මත සංචාරක ව්‍යාපාරය පවත්වා ගැනීමට කටයුතු කරන බවත්ය.

එමෙන්ම රට තුළ ඇති දේශගුණික සෞන්දර්ය මත ද සංචාරක ව්‍යාපාරය තීරණය වී ඇතැයි පැවසු ජනාධිපතිවරයා අනුරාධපුර රාජධාරනිය පැරණි පෞඪත්වය ඉස්මතු කිරීම සඳහා නැවත ගොඩනැගිය යුතු බවද කියා සිටියේය.

"මේ දේවල් හැරුණු කොට වෙන දේවල් අපේ සංචාරක කර්මාන්තයේ ප්‍රමුඛතාවයන් නෙමෙයි. වෙන දේවල් වලට වෙනම තැන් තියෙනවා. ඒ නිසා ඔය නිවේදනය ගැන ඇති වුණ පැටලැවිල්ල එය රාජ්‍ය ප්‍රතිපත්තිය හෝ සංචාරක කර්මාන්තයේ මුලික මුලධර්මයන් නොවේ."

මේ අතර, දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධනය සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, අවශ්‍ය නම් දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධනය ඉදිරිපත් කළ හැකි බවත් එසේ නොවේ නම් එම නීතිය පවත්නා අයුරින්ම තැබිය හැකි බවත් වර්තමානයේ සිදුකර ඇති සියල්ල පෞද්ගලික අරමුණු මත සිදුකර නොමැති බවත්ය.

යහපත් රාජ්‍ය සඳහා වු සිහිනය ඉටුකරගැනීමට විශාල කාර්යභාරයක් මහා සංඝයා වෙත පැවරී ඇතැයි ද පැවසු ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරගැනීමට පොලීසිය ගත් උත්සාහය සාර්ථක බව ද මෙහිදී කියා සිටියේය.

තරුණ තරුණියන් මත් උවදුරෙන් බේරාගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා ජාතික ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු බවත් එයට ගම් පුබුදුකරලීමේ විශාල කාර්යභාරයක් ගමේ පන්සල සතු බවත් පැවසු ජනාධිපතිවරයා පොලීසියට පමණක් මෙම කාර්යභාරය සිදුකිරීම දුෂ්කර වන බව ද සඳහන් කළේය.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana