සත්ත්ව සංගණන වාර්තාවේ ජනතාව දුන් තොරතුරුවලින් සියයට 50ක් ඇත්ත -නියෝජ්‍ය ඇමති නාමල්
September 25, 2025 11:50 am
සත්ත්ව සංගණන වාර්තාවේ ජනතාව දුන් තොරතුරුවලින් 50%ක සත්‍යතාවක් පවතින බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි..
අද (26) පාර්ලිමේන්තුවේ දී සභාව අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම තොරතුරු ඉදිරිපත් කළේය.
ආහාර බෝගවලට හානිකරන සතුන් හඳුනා ගැනීමට සහ නිසි අධ්‍යනයක් සිදුකිරීම මෙන්ම ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා සිදුකරන ලද මෙම සත්ත්ව සංගණනය පසුගිය මාර්තු 15 දින දිවයින පුරා සිදුකෙරුණි.
එකම වේලාවකදී සිදුකර ඇති මෙම සංගණනයේදී වඳුරා, රිළවා, මොනරා, දඬුලේනා යන සතුන් පිළිබඳ සමීක්ෂණය සිදුකර ඇති අතර, ප්‍රතිඵල අනුව ජනතාව විසින් ලබා දෙන ලද වඳුරන් හා රිළවුන් සම්බන්ධ තොරතුරුවල 50%ක සත්‍යතාවක් පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
එහිදී වැඩිදුර අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,
"ප්‍රතිඵල සත්‍යාපනයේදී තහවුරු වූයේ ප්‍රජාව විසින් ලබා දෙන ලද වඳුරන් හා රිළවුන් සම්බන්ධ තොරතුරුවල 50%ක සත්‍යතාවක් පවතින බවයි. ඒ අනුව සමීක්ෂණයේ අදාළ අගයන්හි 50%ක අගය නිවැරදි අගය ලෙස සැලකීමට ආහාර බෝග වගාවන්ට සිදුවන සත්ත්ව හානි අවම කිරීම සඳහා නිර්දේශ සකස් කිරීමේ කමිටුව තීරණය කරන ලදී."
මෙම නිල වාර්තාවට අනුව රිළවා, වඳුරා, මොනරා, දඬුලේනා යන සතුන් සම්බන්ධ ප්‍රමාණයන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නට විය.
ඒ අනුව,
රිළවුන් - 5,197,517
වඳුරන් - 1,747,623
දඬුලේනුන් - 2,666,630
මොනරුන් - 4,285,745
තවද, මෙම සමීක්ෂණයට අදාළ සතුන් නොසිටීම හේතුවෙන් යාපනයේ ඩෙල්ෆ් දූපතට අයත් ග්‍රාම නිලධාරී වසම් 6ක පමණ සංගණනය සිදුකර නොමැති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.