සුදු කොඩි නඩුවේ තීන්දුව නොවැම්බර් 18 දා
October 18, 2011 02:05 pm
සුදු කොඩි ප්‍රකාශය පිළිබඳ නඩුවේ තීන්දුව නොවැම්බර් මස 18 වැනිදා ප්‍රකාශ කරන බව කොළඹ මහාධිකරණ අද(18) නිවේදනය කර තිබේ.
දීපාලි විජේසුන්දර මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් අද දිනයේ එම නිවේදනය ප්‍රකාශයට පත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
විත්තිය වෙනුවෙන් වූ දේශන එම පාර්ශවයේ නීතීඥවරයා විසින් අද දිනයේ අවසන් කර ඇත.
පැමිණිල්ලේ දේශන මීට පෙර රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විසින් ඉදිරිපත් කර තිබූ අතර එම සියලු දේශන සලකා බැලීමෙන් අනතුරුව නඩු විභාගය අද දිනයෙන් අවසන් කිරීමට අධිකරණය තීරණය කර තිබේ.