බුද්ධිකටත්,ශිරාල්ටත් පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

October 13, 2011   04:26 pm

එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ශිරාල් ලක්තිලක යන මහත්වරුන්ගේ පක්ෂ සමාජිකත්වය අත්හිටවූ බව එ.ජා.ප ජාතික සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

මෙම දෙදෙනා විසින් පසුගිය කාලයේ පක්ෂයේ තීන්දු තීරණවලට පිටින් කරන ලද ප්‍රකාශයන් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව හෙතෙම අද දෙරණට කියා සිටියේය.

පක්ෂයක් වූ විට පක්ෂයේ බහුතර මතයට හිස නැමිය යුතු බවත්,ඊට පිටින් අත්තනෝමතික ලෙස කටයුතු කළ නොහැකි බවත් රවී කරුණානායක මහතා අවධාරණය කළේය.