ෆොන්සේකාගේ සිරකුටියට අලුත් විදුලි පංකාවක්
July 25, 2011 03:26 pm
සුදු කොඩි නඩුවේ විත්තිකාර සරත් ෆොන්සේකා මහතාගේ සිරකුටියට විදුලි පංකාවක් ලබාදෙන ලෙස කොළඹ මහාධිකරණය විසින් අද බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර තිබේ.
අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ විත්තියේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විශේෂඥ වෛද්‍ය වජිර තෙන්නකෝන් මහතාගේ වෛද්‍ය වාර්තාවට අනුව සරත් ෆොන්සේකා මහතාට දූවිලිවලින් තොර පිරිසිදු වාත්‍රශ්‍රය සහිත ස්ථානයක් අවශ්‍යය බව අධිකරණය හමුවේ කියා සිටියේය.
එම වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරමින් විත්තියේ නීතිඥවරයා ෆොන්සේකා මහතාගේ සිරකුටියේ දැනට පවත්නා විදුලි පංකාව ක්‍රියා විරහිත වී ඇති බැවින් නව විදුලි පංකාවක් සවිකළ යුතු බවට ඉල්ලීමක් කරනු ලැබ තිබේ.
එකී ඉල්ලීම පිළිගනිමින් විත්තිකාර සරත් ෆොන්සේකා මහතාගේ සිරකුටියේ නව විදුලි පංකාවක් සවි කළ යුතු බව හා එහි වියදම ෆොන්සේකා මහතාගේ පාර්ශවයෙන් අයකරගත යුතු බවද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.
සාක්ෂිවල පවත්නා දෝෂ සහිත භාවයන් විත්තියේ නිතිඥවරුන් විසින් අධිකරණය හමුවේ නිවරදි කිරීම් කළ අතර එකී නිවරදි කිරීම් සටහන් කර ගැනීම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් සිදු කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු කියා සිටියි.
සුදු කොඩි නඩුව යළි සැප්තැම්බර් මස 09 වන දිනට කැඳවන බව අධිකරණය විසින් දැනුම්දුන් අතර එදිනට පැමිණිල්ලේ දේශන ඉදිරිපත් කරන ලෙස පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් බුවනෙක අලුවිහාරේ මහතාට නියෝග කර තිබේ.