ෆොන්සේකාගේ නීතිඥයාට අපහාස නොකරන ලෙස කළ වාරණය දීර්ඝ කෙරෙයි
July 19, 2011 10:42 am
සුදු කොඩි ප්‍රකාශය පිළිබඳ නඩුවේ විත්තිකාර සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතාට අපහාස කිරීමෙන් වළකින ලෙස දන්වා සන්ඩේ ලීඩර් වෙත පනවා ඇති වාරණ නියෝගය කොළඹ දිසා අධිකරණය අද(19) තවදුරටත් දීර්ඝ කර තිබේ.
මෙම වාරණ නියෝගය නිකුත් කිරීම නීතියට පටහැනි බව අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී සන්ඩේ ලීඩර් කර්තෘ ෆෙඩ්රිකා ජෑන්ස් වෙනුවෙන් විරෝධතා මතුකරමින් නීතිඥවරු කියා සිටියේය.
එමනිසා අදාළ වාරණ නියෝගය ඉවත් කරන මෙන් දන්වා ඔවුන් විසින් මූලික විරෝධතාවක් ද ඉදිරිපත් කර තිබේ.
එහෙත් මෙම වාරණ නියෝගය නිකුත් කිරීම නීත්‍යානුකූලව සිදුවී ඇති බව නීතිඥ නලින් ලද්දුවහෙට්ටි වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා සඳහන් කළේය.
එමනිසා එම වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ දිසාඅධීකරණය අදාළ වාරණ නියෝගය විරෝධතාවලට යටත්ව අගෝස්තු මස 02 වන දින දක්වා දීර්ඝ කරන බව නිවේදනය කළේය.
සුදු කොඩි ප්‍රකාශය පිළිබඳ නඩුවේ සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනීසිටිමින් සන්ඩේ ලීඩර් කර්තෘ ෆෙඩ්රිකා ජෑන්ස් මහත්මියගෙන් හරස් ප්‍රශ්න ඇසීම නිසා ඔහුට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රවෘත්ති සන්ඩේ ලීඩර් පුවත්පතේ පළකරන බව නීතිඥ නලින් ලද්දුවහෙට්ටි ඔහුගේ පැමිණිල්ලෙන් සඳහන් කළේය.
තමන්ට එම පුවත්වලින් සිදුවූ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 1000 ක වන්දියක් අයකරන ලෙස ඉල්ලමින් ඔහු මෙම නඩුව පවරා ඇත.