ප්‍රකෝප වූ පිරිසක් ඩිෆෙන්ඩර් රථයකට ගිනි තබයි

ප්‍රකෝප වූ පිරිසක් ඩිෆෙන්ඩර් රථයකට ගිනි තබයි

May 1, 2022   09:50 pm

ඩිෆෙන්ඩර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් කුලියාපිටිය, කනදුල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (01) සවස 6.30ට පමණ සිදුවූ එම අනතුරින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්විය.

ඔහු කුලියාපිටිය කනදුල්ල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි  පුද්ගලයෙකි.

අනතුරින් පසුව ප්‍රකෝපකාරී වූ අවට සිටි පිරිස ඩිෆෙන්ඩර් රථය පොලීසියට රැගෙන යාමට උත්සාහ කිරීමේදී ඊට පහරදී ගිනි තබා තිබුණි.

ඩිෆෙන්ඩර් රථයේ රියදුරු මේ වන විට කුලියාපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.