හිරුණිකා පිරිසක් සමග ඥාන මෑණියන්ගේ දේවාලය වටලයි

හිරුණිකා පිරිසක් සමග ඥාන මෑණියන්ගේ දේවාලය වටලයි

April 2, 2022   07:54 pm

සමගි ජන බලවේගයේ කාන්තා බලවේගය නියෝජනය කරන චන්ද්‍රානි බණ්ඩාර සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ඇතුළු පිරිසක් අද අනුරාධපුර නගරයේදී විරෝධතාවයක නිරත විය.

විරෝධතාවය ආරම්භ කර සුළු වේලාවකින් ඔවුන් ප්‍රසිද්ධ ඥාන මෑණියන්ගේ දේවාලය දෙසට ගමන් කළේය.

ඔවුන්ගේ ගමන වැළැක්වීමට පොලීසිය, පොලිස් කැරලි මර්දන ඒකකයේ සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කටයුතු කළත් එම බාධා නොතකමින් විරෝධතාකරුවන් ඉදිරියට ගොස් තිබුණි.

පොලිස් මාර්ග බාධක යොදා දේවාලයට යන මාර්ගය අවහිර කර තිබූ අතර පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් එහි ආරක්ෂාව දැඩිව තර කර තිබුණි.

විරෝධතාකරුවන්ට දේවාල භූමියට ඇතුළුවීමට ආරක්ෂක අංශ ඉඩ ලබා නොදුන් අතර දේවාලයට පිවිසෙන මාර්ගයේ සිට ඔවුන් විරෝධය දැක්විය.

මෙම විරෝධතාවය පැවැත්වෙන අතරතුර ඥාන මෑණියන්ට පක්ෂව පිරිසක් දේවාල පරිශ්‍රයේ රැස්වී උද්ඝෝෂකයින්ට විරෝධය පළ කළේය.