උකුස්සා කළ අනාවරණයෙන් පසු බෝගම්බර සිරගෙදර අධිකාරිවරයාට සිදු වු දේ

උකුස්සා කළ අනාවරණයෙන් පසු බෝගම්බර සිරගෙදර අධිකාරිවරයාට සිදු වු දේ

August 10, 2019   05:05 pm

පල්ලේකැලේ බෝගම්බර සිරගෙදර අධිකාරීවරයා විසින් ඔහුගේ පෞද්ගලික නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා සිරකරුවන් දෙදෙනෙකු යොදා ගන්නා ආකාරය පිළිබඳව උකුස්සා පසුගිය සෙනසුරාදා රට හමුවේ අනාවරණ කළේය.

උකුස්සාගේ එම අනාවණයෙන් පසුව බන්ධනාගාර ප්‍රධාන කාර්යාලය වෙත ස්ථාන මාරුවක් ලබාදී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.ජේ.ඩබ්ලිව්.තෙන්නකෝන් මහතා පැවසුවේය.

පල්ලේකැලේ බෝගම්බර සිරගෙදරින් නිලධාරියෙකු සමග පිටතට පැමිණි සිරකරුවන් දෙදෙනෙක් පල්ලේකැලේ ශ්‍රී නරේන්ද්‍රසිංහ මාර්ගයේ අංක 50/03 දරන ලිපිනය සහිත නිවසේ ඉදිකිරීම් කටයුතුවල නිරතවන ආකාරය පිළිබඳව පසුගිය සෙනසුරාදා උකුස්සා රට හමුවේ අනාවරණ කළේය.

එහිදී ඔවුන් තම සිරකරු ඇඳුම මාරුකරගෙන මුහුණු ආවරණය කරගනිමින් අදාළ නිවසේ ඉදිකිරීමක් සිදු කරනු දැකගත හැකිවිය.

ඔවුන්ගේ ආරක්ෂාවට පැමිණි බන්ධනාගාර නිලධාරියා ද එහි සිටින අතර දහවල් කාලය වන විට තවත් බන්ධනාගාර නිලධාරියෙකු මෙම ස්ථානයට පැමිණියේය.

එලෙස පැමිණියේ බන්ධනාගාරයේ අධිකාරීවරයායි.

මේ අධිකාරීවරයා අදාළ සිරකරුවන් පිටතට ගෙන ඇත්තේ, තම නිල නිවසේ වැඩ කටයුතු කිරීම සඳහා බවට පවසමින්. 

කෙසේ වෙතත් ඔහුගේ නිල නිවස පිහිටා තිබෙන්නේ, පල්ලේකැලේ කුණ්ඩසාලේ සාසා නිවාස සංකීර්ණයේ බවත් එහි කිසිදු ප්‍රතිසංස්කරණයක් සිදුනොවන බවත් උකුස්සා එහිදී අනාවරණ කළේය.

උකුස්සාගේ මෙම අනාවරණයෙන් පසුව විෂය භාර අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ උපදෙස් පරිදි අදාල නිලධාරියාට ස්ථාන මාරුවක් ලබාදී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.ජේ.ඩබ්ලිව්.තෙන්නකෝන් මහතා පැවසුවේය.