header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පර්යන්තය විකුණා ඇත්තේ ඉන්දියාවේ බලපෑම් මත
Jun 02, 201904:04 PM
කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පර්යන්තය විකුණා ඇත්තේ ඉන්දියාවේ බලපෑම් මත
Mobitel 1278

කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පර්යන්තය ඉන්දියාවට සහ ජපානයට විකුණා ඇත්තේ ඉන්දියාවේ බලපෑම් මත බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළේය.

"පසුගිය 28වැනිදා ආණ්ඩුව විසින් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට සහ ජපානයට විකුණා දැමීම පිළිබඳව මේ රටේ ජනතාව දැනුවත් කළ යුතුව තිබෙනවා.

ඉන්දියාවේ මහ මැතිවරණයේ අවසන් වටය පැවැත්වුණේ පසුගිය මැයි 23වැනි දිනයි. එම මැතිවරණයේ ප‍්‍රතිඵල මැයි 26වන විට නිකුත් වන්නට පටන් ගෙන තිබුණා.

මෝදි අගමැතිවරයාගේ බී ජේ පී පක්ෂයට බහුතරය ලැබෙමින් තිබූ අවස්ථාවේ, මෝදි දිවුරුම් දීමට පෙර වරාය අධිකාරිය සතු නැගෙනහිර ජැටිය විකිණීමට අදාළ ගිවිසුම අත්සන් කරන ලෙස ඉන්දියානු බලධාරීන් විසින් ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට ඉන්දියානු බලධාරීන් විසින් ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට දැනුම් දී තිබෙන බව අපට දැනගන්නට තිබෙනවා.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව රටක් ලෙස අප මහත් කම්පනයක පසුවද්දී, රට ජාතිවාදය හා අන්තවාදය විසින් වෙළාගෙන තිබියෙදී ජනවරමට පටහැණිව රටේ ජාතික සම්පත් නිර්ලජ්ජිත ලෙස කුණුකොල්ලයට විකිණීමට මෛත‍්‍රී - රනිල් ආණ්ඩුව ක‍්‍රියාකොට තිබෙනවා.

වරාය අධිකාරියේ සභාපතිවරයා නිකුත් කරන ලද නිවේදනයක බහාලූම් මෙහෙයවීමේ සමාගමක් ස්ථාපිත කර ඇති බවත් එයින් 51%ක් ආණ්ඩුවටත් ඉතිරි 49% ඉන්දියාවට සහ ජපානයට ඇති බවත් සඳහන් වෙනවා.

මීට අදාළ ගිවිසුම ඉන්දියානු මහකොමසාරිස්වරයා සහ ජපාන තානාපතිවරයා සමග අත්සන් තබා තිබෙනවා.

වරාය මේ රට සතු හුදු ආර්ථික සම්පතක් පමණක් නෙමෙයි. ආර්ථික ස්වෛරීත්වය පිළිබඳ වැදගත් ස්ථානයක්ද වනවා. කොළඹ වරාය ගතහොත් ආරක්ෂාව අතින්ද අතිශය වැදගත් ස්ථානයක් වෙනවා. වරායන් පෞද්ගලීකරණය කිරීම මගින් රටවල් දණගස්වා තිබෙන්නේ කෙසේදැයි අපි දැක තිබෙනවා.

වසරකට පමණ පෙර ඉන්දියාව විසින් නේපාලයට අදාළව තිබෙන ඉන්දියාවේ වරායන් වසා දමා නේපාලයේ අර්බුදකාරී තත්වයක් ඇති කළා.

පසුගිය වසර 15-20ක කාලයේ ශ‍්‍රීලනිප, එජාප ආණ්ඩු විසින් වරාය සතු සම්පත් විශාල ප‍්‍රමාණයක් විකුණා දමා තිබෙනවා.

වරාය අධිකාරිය යටතේ ප‍්‍රධාන සමාගම් හා ජැටි 08ක් තිබුණා.

මේ වන විට බහාලූම් මෙහෙයුම් කරන ජය බහාලූම් පර්යන්තය පමණයි වරාය අධිකාරිය යටතේ තිබෙන්නේ. ඊට අමතරව මාගම්පුර මැනේජ්මන්ට් කොම්පැනි යනුවෙන් සමාගමක් තිබෙනවා.

නමුත් එයින් වරායට අදාළ කිසිදු කළමනාකරණ කටයුත්තක් සිදුකරන්නේ නැහැ. ගෑස් ටර්මිනල් කොම්පැනි යනුවෙන් සමාගමක් වරාය සතුව තිබෙනවා.

ආයතන 8න් 5ක්, 50%කට වැඩි ප‍්‍රමාණයක් පසුගිය කාලයේ විවිධ නම්වලින් විකුණා දමා තිබෙනවා.

මේ බහාලූම් පර්යන්ත විකුණා දැමීම නිසා අද වරාය අධිකාරිය පවත්වාගෙන යාමට බැරි මට්ටමේ බිඳ වැටීමකට ලක්වී තිබෙනවා.

අද මෙම විකිණීමට අනුමැතිය ලබාදුන් මුදල් අමාත්‍යාංශයම 2018 සැප්තැම්බර් 19වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මේ බව ඉතා පැහැදිලිව ප‍්‍රකාශ කරනවා.

වරාය අධිකාරිය විසින් බහාලූම් මෙහෙය වූ ප‍්‍රමාණය 2014දී මිලියන 2.6යි. 2015දී 2.3යි, 2016දී 2.1යි, 2017දී 2යි, 2018 මාස 06ක් තුළදී 1.1යි.

දැන් වැඩිම බහාලූම් මෙහෙයුම් ප‍්‍රමාණයක් කරමින් තිබෙන්නේ වරාය තුළ ඇති විදේශීය සමාගම් සතු පර්යන්තවලිනුයි.

දැන් නැව් වැඩි ප‍්‍රමාණයක් පැමිණෙන්නේ ඒ විශාල නැව් පැමිණිය හැකි නවීන ගැඹුරු ජැටිවලටයි.

විකිණූ ජැටි අධික ලාභ ලබමින් තිබෙනවා.

මීට සාපේක්ෂව වරාය අධිකාරියේ ආදායමටද බලපෑම් එල්ල වී තිබෙනවා. පසුගිය වසර 3ක කාලය තුළ වරාය අධිකාරියේ ආදායම අඩුවෙමින් තිබෙනවා.

මුදල් අමාත්‍යාංශයම කියන පරිදි එසේ වී ඇත්තේ වරාය තුළම සිටින පෞද්ගලික තරගකාරී බහාලූම් මෙහෙයුම් සමාගම් නිසයි. නැගෙනහිර ජැටිය විකිණීමට අදාළ කටයුතු 2015 සිටම ආරම්භ වෙන්නේ මෙවැනි තත්වයක් තිබියෙදීයි.

වරාය අධිකාරියේ ආදායම අඩුවීම බරපතළ කරුණක්. හම්බන්තොට වරාය චීන සමාගමකට ලබාදුන්නත් ඊට අදාළ ණය ගෙවනු ලබන්නේ වරාය අධිකාරිය විසිනුයි.

ආණ්ඩුව එම වරාය චීන සමාගමකට බදු දී වරායට ආදාළ ණය ගෙවන ලෙස වරාය අධිකාරියට නියම කර තිබෙනවා.
ඒ නිසා වරාය අධිකාරිය ණය ගෙවීම් ඇතුළු සියල්ල කළ යුතුව තිබෙන්නේ කොළඹින් උපයන ආදායමිනුයි.

2015 වසරේදී නැගෙනහිර ජැටිය ඉදිකරන්නේ විශාල නැව්වලට පැමිණිය හැකි වන පරිදි නවීන පහසුකම් සහිතවයි. එහි වැඩ අවසන් කිරීමට තිබුණේ දොඹකර මිලදී ගැනීම පමණයි.

රාජපක්ෂ ආණ්ඩුව විසින් දොඹකර ගෙන්වීම සඳහා ලබාගත් ටෙන්ඩර්වල මිල එනම් ඩොලර් බිලියන 8ක් පමණ අසාමාන්‍ය ලෙස දෙගුණයකින් වැඩි වී තිබුණා.

එය දූෂිත ටෙන්ඩරයක් බවට සැකයක් නැහැ. එයට මුවාවී වත්මන් ආණ්ඩුව එම ටෙන්ඩරය අත්හිටවනු ලැබුවා. නමුත් වරාය අධිකාරියට ඩොලර් බිලියන 4-6ක මුදලක් දරා මෙම දොඹකර මිලදී ගත හැකිව තිබුණා. ඔවුන් ඒ සඳහා විටින් විට රජයෙන් අවසර ඉල්ලූවා.

එවකට වරාය අමාත්‍ය අර්ජුන රණතුංග මේ වෙනුවෙන් කැබිනට් පත‍්‍රිකා දෙකක් ඉදිරිපත් කළා.

නමුත් ඒවා මිලදී ගැනීම ආණ්ඩුව විසින් ප‍්‍රතික්ෂේප කළේම මේ නැගෙනහිර ජැටිය විකිණීමේ අරමුණින්ම බව පැහැදිලියි.

රාජපක්ෂලා දකුණු වරාය කප්පමක් ලෙස චීනයට දුන් නිසා ඉන්දියාව මෙම ජැටිය ලබාගැනීමේ දේශපාලන වුවමනාවකින් සිටියා. ඔවුන් නැගෙනහිර ජැටිය කප්පමක් ලෙස ඉල්ලූවා. විකිණීම නතර කරනු ලැබුවේ ඒ කප්පම අනුවයි.

රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍යවරයා ලෙස 2016දී කැබිනට් පත‍්‍රිකාවකින් එය විකුණන බවත් ඒ සඳහා රජයේ ආයතන තරග නොකළ යුතු බවත් කියා තිබෙනවා.

ඒ, වරායේ වෘත්තීය සමිති මෙය විකිණීමෙන් තොරව තමන්ට සංවර්ධනය කළ හැකි බව අවධාරණය කරන අතරතුරයි. එසේ තිබියෙදී ඉන්දියාවේ ආණ්ඩුවක් නැති මැතිවරණ ප‍්‍රතිඵල ලැබෙන අතරතුර මෙම දීන මෛත‍්‍රී - රනිල් ආණ්ඩුව ලාභ ලැබිය හැකිව තිබූ නැගෙනහිර ජැටිය විකුණා තිබෙනවා.

එහි ආර්ථික පාඩුව අතිවිශාලයි. වරායේ සේවය කරන 10,000ක් පමණ වන සේවකයින්ගේ රැුකියා අහිමිවීමේ අවදානමක් තිබෙනවා.

එසේම එය මේ රටේ ආර්ථික ස්වාධීනත්වය පාවාදීමක්. ඇමරිකාව, චීනය හා ඉන්දියාව මේ දීන ආණ්ඩුව බියවද්දමින් විවිධ කොටස් කඩාගනිමින් සිටිනවා.

මේකත් සහරාන්ලාගේ බෝම්බය තරම්ම දරැුණුයි. ජාතිවාදීන්ට ජාතිවාදය වපුරන වපුරන සමාගම්වලින් අපි ඉල්ලා සිටිනවා ඒ අවධානයෙන්ම මේකත් අවධාරණය කරගන්න කියලා.

මේ කප්පම් දීමේ දේශපාලනයට කෙළවරක් නැහැ. මේකෙන් ගැලවෙන්න වෙනත් කප්පමක් දෙන්න වෙනවා. 2010 සිට වරායන් හදන්න, ගුවන්තොටුපළවල් හදන්න, බලාගාර හදන්න, දුම්රිය මාර්ග හදන්න චීනයට හා ඉන්දියාවට කප්පම් ලෙස දෙන්න සිද්ධ වුණා.

මේ තත්වය තුළ වරාය සේවකයන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ ඔබේ රැකියා අවදානමට ලක් කරමින් දැනට අත්සන් කොට තිබෙන මේ මූලික ගිවිසුම පරාජය කොට එම ජැටිය නැවත වරාය අධිකාරියේ අයිතිය යටතට ලබාගැනීම සඳහා පෙරට එන ලෙසයි.

ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි වෘත්තීය සමිති, බහුජන සංවිධාන සමග මේ පිළිබඳව සාකච්ඡුා කර කි‍්‍රියාමාර්ගවලට යාමට සූදානම්.

රට අසරණ වී තිබෙන මොහොතක බලවත් රටවල් මැදිහත්වී රටේ සම්පත් කඩාගැනීමට දරන උත්සාහය පරාජය කිරීමට ඉදිරියට පැමිණෙන ලෙස අපි සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජනතාවට ආරාධනා කරනවා." යනුවෙන් ඒ මහතා සිය අදහස් පල කර සිටියේය.


MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..