
යාපනය, නුවර ඒ 9 මාර්ගය විවෘත කිරීමත් සමග ඕමන්තේ සීමා මුරපොල හරහා ගමන් කරන වාහන සංඛ්‍යාව ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. සාමාන්‍ය ජනතාව මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන යන වාහන ද විශාල වශයෙන් මෙම මාර්ගය ඔස්සේ ගමන් කරන බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි. ඕමන්තේ සීමා මුරපොළ හරහා ගමන් කරන පුද්ගලික වාහන වව්නියාව තේක්කවත්ත ප්‍රදේශෙය් දී පරීක්ෂාවට ලක් කෙරේ.. ඒ අනුව ඔවුන් එහිදී ආරක්ෂක අංශ විසින් ලබාදෙන පත්‍රිකාව ද රැගෙන ගමන් කළ යුතු වේ. සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ඒ 9 මාර්ගය පැය 24 පුරාම විවෘත කෙරුණ ද මාධ්‍යවේදීන්ට හා විදේශිකයින්ට ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරයකින් තොරව උතුරට ගමන් කළ නොහැකි බව වාර්තා වේ.



















































