එන්ජින් ධාරිතාවය 1000 ට අඩු වාහනවල තීරු බදු ඉහළට
August 1, 2018 11:56 am
එන්ජින් ධාරිතාවය 1000 කට අඩු මෝටර් රථ සඳහා අය කරනු ලබන නිෂ්පාදන බද්ද 2018 අගෝස්තු මස 01 දින සිට සංශෝධනය කර තිබේ.
ඒ අනුව, එන්ජින් ධාරිතාව 1000 කට නොවැඩි සාමාන්‍ය මෝටර් කාර් 01 සඳහා අගෝස්තු මස 01 සිට ඒකක බද්ද ලෙස රු. 1,500,000 ක් ලෙස නියම කර තිබේ.
එන්ජින් ධාරිතාවය 1000 ට නොවැඩි විදුලි බලයෙන්ද ක්‍රියාත්මක කළ හැකි දෙමුහුන් වාහන සඳහා වන ඒකක බද්ද රු.1,250,000 ලෙස සංශෝධනය කර තිබේ.
කෙසේ වෙතත්, 2018 අගෝස්තු මස 01 දිනට පෙරාතුව ණයවර ලිපි (LC)විවෘත කරන ලදුව 2019 ජනවාරි මස 31 දිනට පෙර නිශ්කාශනය කරන වාහන සඳහා මෙම නව බදු අදාළ වන්නේ නැත.
එම කාලසීමාව තුළ ආනයනය කරනු ලබන වාහන පෙර පැවැති එන්ජින් ධාරිතාවය මත වූ නිෂ්පාදන බද්දට යටත් කරනු ලැබේ.
