header logo
Vallibel FD
උණුසුම් පුවත්
බොදු-රාවණා බල එකට ගැටෙති - අමාත්‍යංශයේ පදිංචි වෙන්නට සද්ධාතිස්ස හිමි සැරසෙයි
May 07, 201401:35 PM
බොදු-රාවණා බල එකට ගැටෙති - අමාත්‍යංශයේ පදිංචි වෙන්නට සද්ධාතිස්ස හිමි සැරසෙයි
Mobitel 1278

ආගමික සිදුවීම් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීම සඳහා බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයට අනුබද්ධව පිහිටවනු ලැබූ විශේෂ පොලිස් ඒකකය එළඹෙන වෙසක් පොහොයට ප්‍රථමයෙන් විසුරුවා හැරිය යුතු බව රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසයි.

එසේ නොකළහොත් වෙසක් පුන් පොහෝ දිනය පසුවූ වහාම බුද්ධ ශාසන අමාත්‍යංශයේ එම විශේෂ පොලිස් ඒකකය පවත්නා 07 වන මහලේ සංඝරත්නය කැටුව වැඩමවා පදිංචිවන බව උන්වහන්සේ අද දෙරණට කියා සිටියේය.

අද(07) ආගමික කටයුතු අමාත්‍යංශයට ගොස් තමන් වහන්සේලාගේ තීරණය එහි බලධාරීන්ට දැන්වූ බවත්, ඒ අනුව නිසි ක්‍රියාමාර්ග නොගන්නේනම් මින් ඉදිරියට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් සද්ධාතිස්ස හිමියන් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ආගමික ගැටුම් නොපවතින බවත්, එවැනි ගැටුම් ඇති බවට උලුප්පා දක්වා මෙවැනි පොලිස් ඒකක ස්ථාපිත කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආගමික නිදහස නොපවතින බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසෙන බවත් සද්ධාතිස්ස හිමියන් අවධාරණය කළේය.

මේවන විටත් මෙම විශේෂ පොලිස් ඒකකයට මුස්ලිම් මන්ත්‍රීවරයෙකු පැමිණිලි සිය ගණනක් ඉදිරිපත් කර ඇති බවට තමන්ට දැනගන්නට ලැබී ඇති බවත්, මෙවැනි පැමිණිලි පුරවා එකී ෆයිල් කවර ඊළඟ ජිනීවා සමුළුවට රැගෙනයාම ඔවුන්ගේ අභිලාෂය වී ඇති බවත් උන්වහන්සේ පෙන්වා දුන්නේය.

ඒ නිසාම මෙම විශේෂ පොලිස් ඒකකය පිහිටුවීම ආගමික අන්තවාදීන්ගේ හා අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක් විය හැකි බවත්, වැරදි තොරතුරු ලබාදී ජනාධිපතිවරයා නොමග යැවීම හේතුවෙන් මෙම පොලිස් ඒකකය ස්ථාපිත කර ඇති බවත් සද්ධාතිස්ස හිමියන් චෝදනා කළේය.

එබැවින් වහාම මෙම විශේෂ පොලිස් ඒකකය විසුරුවා හැරිය යුතු බවත්, ඒ වෙනුවෙන් අරගල කරන බවත් රාවණා බලය සංවිධානයේ මහලේකම් හිමියන් අවධාරණය කළේය.

කෙසේ වෙතත් මෙම විශේෂ පොලිස් ඒකකය ස්ථාපිත කිරීම වෙනුවෙන් බොදුබල සේනා සංවිධානය මීට පෙරාතුව කියා සිටියේ එය තම සංවිධානය විසින් කාලයක් තිස්සේ බලපෑම් කරමින් ලබාගත් ඉල්ලීමක් බවයි.

අන්තවාදී ඉස්ලාම් ආගම හෝ අන්තවාදී ක්‍රිස්තියානි ආගම් ප්‍රචාරය කිරීමට ගම්වලට පැමිණියහොත්, අල්ලා ගස් බැඳ පොලීසියට බාරදෙන බවත්, විශේෂ පොලිස් ඒකකය ඔවුන් ගැන බලාගනු ඇති බවත්,එබැවින් මේ රටේ සෑම පුරවැසියෙකුටම නිල නොවන පොලිස් නිලධාරියෙකු වන ලෙස තමන් යළි යළිත් ආරාධනා කරන බවත් උන්වහන්සේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පසුගියදා මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

එබැවින් මෙවන තෙක් එකම මතවාදයක් වෙනුවෙන් පෙනීසිටි ‘බොදුබල සේනා‘ හා ‘රාවණා බලය‘යන සංවිධානයන් ‘විශේෂ පොලිස් ඒකකය‘සම්බන්ධයෙන් එකිනෙකාට ප්‍රතිවිරුද්ධ මතයක සිටීම පිළිබඳ අද දෙරණ බොදුබල සේනා සංවිධානයේ යළි විමසන ලදී.

එහිදී බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කියා සිටියේ දීර්ඝ කාලීනව මෙම පොලිස් ඒකකය පවත්වාගෙන යායුතුව ඇතැයි තමන්ද නොසිතන නමුත් එය දෙවසරක පමණ කාලයක් හෝ පවත්වාගෙන යා යුතු බවයි.

දඹුල්ල,මහියංගණය,මහනුවර,ග්‍රෑන්ඩ්පාස් වැනි ප්‍රදේශවල ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයන් පිළිබඳ නිසි තතු ලෝකයට දැන ගැනීමට නොහැකිවූ බවත්, එම සිදුවීම්වල සැබෑව යටගොස් බොරුව මතුවූ බැවින් මෙම ගැටුම් ගැන නිසි පරීක්ෂණ පවත්වා ලෝකයට නිසි තතු අනාවරණය කිරීමට මෙම පොලිස් ඒකකය අත්‍යවශ්‍ය බව ඥානසාර හිමියන් සඳහන් කළේය.

කෙසේ වෙතත් රාවණා බලයේ ස්වාමින් වහන්සේලා විසින් කරුණු හරිහැටි නොදැන මෙම පොලිස් ඒකකය විසුරුවා හැරීමට බල කරන්නේනම් ඒ පිළිබඳ වහා සොයා බැලිය යුතු ඇති බව ඥානසාර හිමියන් කියා සිටියේය.

තම සංවිධානය මෙවැනි ප්‍රශ්නවලදී පරිණතව හා බුද්ධිමත්ව, ස්වාධීනව ක්‍රියා කරන බවත්, කිසිදු දේශපාලනඥයෙකු හෝ අමාත්‍යංශයක අවශ්‍යතාව මත තමන් ක්‍රියා නොකරන බවත් උන්වහන්සේ අවධාරණය කළේය.

ඒ නිසාම සද්ධාතිස්ස හිමියන්ගේ මෙම ක්‍රියාකලාපය කාගේ අනුදැනුම මත සිදුව ඇත්දැයි තමන් සොයාබලන බවත්, රාවණා බලය සමග මේ පිළිබඳ සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹීමට තමන් අපේක්ෂා කරන බවත් ඥානසාර හිමියන් සඳහන් කළේය.

වෙසක් පුන් පොහෝ දිනයට ප්‍රථම මෙම පොලිස් ඒකකය විසුරුවා නොහැරියහොත් බුද්ධශාසන අමාත්‍යංශයේ පොලිස් ඒකකය පවත්නා 07 වන මහලේ පදිංචිවන බවට කරන අනතුරු ඇඟවීම්වලදී ඒවා සැබවින්ම කළ හැකි ඒවාදැයි පෙන්වීමට අවස්ථාව ලබාදිය යුතුව ඇති බවත්, ඒවා පිස්සු කතා බවත් ඥානසාර හිමියන් අවධාරණය කළේය.

RelatedNews
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

 අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

 රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

 කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

 දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

පොළොන්නරුවේ තැන තැන වැසි

පොළොන්නරුවේ තැන තැන වැසි

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana