දහසය වසරක හමුදා ජීවිතයේ අත් නොදුටු කම්පනයක් මාලක දුටු මේජර්ට හැදිලා-මාලක නිදහස් !
September 21, 2012 11:01 am
හමුදා මේජර්වරයෙකුට පහරදුන් බව කියන සිදුවීමට අදාළව රිමාන්ඩ් භාරයේ සිටි අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා හා රෙහාන් විජේරත්න යන අය ඇප මත නිදහස් කර තිබේ.
ඒ අනුව රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇපද,රු.ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක්ද සහිතව දෙදෙනා මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් නියෝග කර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.
මෙම සිද්ධියට අදාළව මාලක සිල්වාට හා රෙහාන් විජේරත්න යන අයට මෙන්ම පහරකෑමට ලක්වු බව කියන හමුදා මේජර්වරයාට අද(21) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග ඊයේ (20) නියෝග කරන ලදී.
පසුගිය 09 වන දින කොළඹ,සුපිරි හෝටලයකදී යුධ හමුදා බුද්ධි අංශ මේජර්වරයෙකුට පහරදුන් බව කියන සිදුවීමට අදාළව පසුගිය 17 වනදා මාලක සිල්වා, රෙහාන් විජේරත්න ඇතුළු පිරිසක් කොම්පඤ්ඤවීදිය පොලීසියට භාරවූහ.
ඒ අනුව භාර වු පුද්ගලයින් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කෙරිණි.
එහිදී රෙහාන් විජේරත්න ඇතුළු 7 දෙනෙකු 24 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
කෙසේ වෙතත් පසුගිය 18 වනදා මාලක සිල්වා හා රෙහාන් විජේරත්න යන අය තමාට පහර නොදුන් බව ප්‍රකාශ කරමින් අදාළ සිද්ධියට සම්බන්ධ යැයි කියන මේජර්වරයා නීතිඥයෙකු මාර්ගයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත දිවුරුම් ප්‍රකාශයක් ලබාදී තිබිණි.
අද දවසේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කෙරුණේ එයින් අනතුරුවය.
අද දවසේ අධිකරණයේදී විනිසුරුවරයා විසින් පහරකෑමට ලක්වූ බව කියන හමුදා නිලධාරියාගෙන් අසා සිටියේ ඔහුගේ නිල රාජකාරිය කුමක්ද යන්නයි.
තමා හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු බවත්,මේවන දකුණු පළාත භාරව කටයුතු කරන බවත්,මීට පෙරාතුව උතුරු හා නැගෙනහිර ආදී යුද්ධය පැවති ප්‍රදේශවල පවා රාජකාරී කටයුතු කළ බවත් හෙතෙම කියා සිටියේය.
තමන්ට හදිසියේ ඇතිවූ කම්පන තත්ත්වයක් හේතුවෙන් එතැන අවාසනාවන්ත සිදුවීමක් සිදුවූ බවත්, ඒ පිළිබඳ තමා කනගාටුවට පත්වන බවත් චන්දන ප්‍රදීප් නැමති බුද්ධි අංශ නිලධාරියා කියා සිටියේය.
ඉන් අනතුරුව විනිසුරුවරයා විමසා සිටියේ උතුරු නැගෙනහිර වැනි බැරෑරුම් ප්‍රදේශවල රාජකාරී කටයුතුවල නිරත වෙද්දී වසර 16 ක හමුදා අත්දැකීම් ඇසුරේ මේ අයුරින් කම්පන තත්ත්වයන් ඇතිවූයේ නැද්ද යන්නයි.
ඊට පිළිතුරු දෙමින් හමුදා නිලධාරියා පවසා ඇත්තේ එහෙව් තත්ත්වයක් ඇති නොවුණු බවයි. කෙසේ වෙතත් තමාගේ හිසේ අධික රුධිර වහනයක් සිදුවූ බැවින් ඒ මොහොතේ පුද්ගලයින් කවුරුන්ද යන්න නිසි ලෙස හඳුනාගැනීමට නොහැකි වූ බව ඔහු පෙන්වා දුන්නේය.
ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ චෝදනා මත නීත්‍යානුකූල පියවර ගත හැකි බව පෙන්වා දුන් විනිසුරුවරයා පොලීසියට රිසි පරිදි ඉදිරි පරීක්ෂණ සිදුකරන ලෙස නියෝග කර සිටියේය.
මෙම හමුදා නිලධාරියා සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර කුමක්ද යන්න පිළිබඳ මේ මස 24 වන දින අධිකරණයට කරුණු දක්වන ලෙස විනිසුරුවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කරන ලද අතර මාලක සිල්වා සහ රෙහාන් සමග අත්අඩංගුවට ගනු ලැබූ සෙසු පිරිස මේ මස 24 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.