කොළඹ-ගම්පහ ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු දිගටම
May 10, 2020 08:08 pm
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු දිගටම ක්‍රියාත්මකව පවතී.
කළුතර සහ පුත්තලම ඇතුළු සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට, මැයි 11 සඳුදා සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට අළුයම 5.00 දක්වා පමණි.
කොළඹ,ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වයයථා තත්වයට පත් කිරීම, කලින් සැලසුම් කළ පරිදි හෙට, මැයි 11 සඳුදා ඇරඹේ.
කලින්නිකුත් කළ නිවේදනවල සඳහන් ඊට අදාළ කොන්දේසි නොවෙනස්ව පවතී.
