මෙරට COVID 19 ආසාදිතයින් ගණන 771ක්

මෙරට COVID 19 ආසාදිතයින් ගණන 771ක්

May 6, 2020   12:15 am

තවත් කොරෝනා ආසාදිතයින් හයදෙනෙක් ඊයේ (05) 11.30 වන විට වාර්තා වී තිබේ.

ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 771 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 213 ක් ‍වෙනු ඇත.

කෙසේ වෙතත් මේ වන විට පුද්ගලයින් 549 ක් විවිධ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

මෙරට කොවිඩ් නයින්ටීන් වෛරස අසාදනයෙන් සිදු වූ නව වැනි මරණය ඊයේ (05)ඩදහවල් වාර්තා විය.

හතලිස් හතර හැවිරිදි පස්දරු මවක් වන ඇය මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

ඇය පෙරේදා (04) රාත්‍රියේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට පසුව අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

කොවිඩ් ආසාදනය වීමෙන් කාන්තාව ජීවත් වූයේ කොළඹ 15 මෝදර මෙත්සඳ සෙවණ නිවාස සංකීර්ණයේයි.