ලංකාවේ කොරෝනා ආසාදිතයින්ගේ වැඩි වීමක්-සමස්ත ආසාදිතයින් ගණන 97ක්

ලංකාවේ කොරෝනා ආසාදිතයින්ගේ වැඩි වීමක්-සමස්ත ආසාදිතයින් ගණන 97ක්

March 23, 2020   10:50 pm

මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස 97 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඒ අතරින් දෙදෙනෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

අද දිනය තුළ පමණක් වෛරසය ආසාදනය වු පුද්ගලයින් 10 දෙනෙකු වාර්තා වු බව අමාත්‍යවරිය අද දෙරණ නාලිකාවේ විකාශය වන 360 වැඩසටහන සමඟ එක්වෙමින් පැවසීය.

කොරෝනා වෛරසය ආසාදිත බවට සැකපිට මෙරට පුද්ගලයින් 220 දෙනකු සහ විදේශිකයින් 07 දෙනෙකු මේ වන විට දිවයිනේ රෝහල් 18ක වෛද්‍ය අධික්ෂණය යටතේ සිටින බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

අලුතින් කොරෝනා ආසාදිත රෝගීන් 9 දෙනෙකු ඊයේ දිනයේ හඳුනා ගැනුණු අතර ඔවුන්ගෙන් සිව්දෙනෙකුම වර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන්.

තවත් තිදෙනෙක් කොළඹ දිස්ත්‍රිකයෙන් වර්තා වුණු අතර ප්‍රථම වරට ඊයේ යාපනය දිස්ත්‍රිකයෙන්ද එක් කොරෝනා රෝගීයෙකු වාර්තා විය.

මේ අතර පළමු ‍‍කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයා අද සම්පූර්ණයෙන් සුවය ලබා පිටව ගියේය.