පුත්තලම දිස්ත්‍රික්කයට හා කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය

පුත්තලම දිස්ත්‍රික්කයට හා කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය

March 18, 2020   01:33 pm

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.

ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයට අයත් කරුවලගස්වැව, වනාතවිල්ලුව, නවගත්තේගම, මුන්දලම, උඩප්පුව, සාලියවැව සහ නොරොච්චේලේ යන ප්‍රදේශවලට අද(18) පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මේ අතර පුත්තලම පොලිස් කොට්ඨාසයේ පොලිස් වසම් 11 කටත්, හලාවත පොලිස් කොට්ඨාසයේ පොලිස් වසම් 7 කටත්, මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයටත් ඇඳිරි නීතිය බල පැවැත්වෙන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.