කොරෝනා ආසාදිතයින් ගණන 11ක් දක්වා ඉහළට
March 15, 2020 06:39 pm
11වන ශ්‍රී ලාංකික කොරෝනා වෛරසය ආසාදිත රෝගියා තහවුරු කර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කරයි.
මෙම රෝගියා 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වන අතර මින් පෙර රෝගය තහවුරු වු ජර්මනියේ සංචාරය කර පැමිණි පුද්ගලයා සමඟ එම සංචාරයේම යෙදුන අයෙක් බව වාර්තා වේ.
එම රෝගියා මේ වන විට අයි.ඩී.එච් රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියි.
