දකුණු කොරියාව-ඉරානය සහ ඉතාලියේ සිට මගීන් රැගෙන නොඑන ලෙස ගුවන් සමාගම්වලට ඉල්ලීමක්

දකුණු කොරියාව-ඉරානය සහ ඉතාලියේ සිට මගීන් රැගෙන නොඑන ලෙස ගුවන් සමාගම්වලට ඉල්ලීමක්

March 13, 2020   09:29 am

හෙට සිට ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට මගීන් මෙරටට ගෙනඒමෙන් වලකින ලෙස ගුවන් සමාගම් වෙත උපදෙස් ලබාදී තිබේ.

සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් මෙම උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව හෙට සිට දින 14 ක කාලයක් අදාල රටවල සිට මෙරටට මගීන්ට පැමිණීම තහනම් කර තිබේ.