වන මං මැදින් උදුල තරු කැට...
ගලමුදුන ගම නකල්ස් වනයේ පිහිටි එක් හුදෙකලා ගම්මානයකි. නගරයෙන් කිලෝමීටර ගණනාවක් දුරින් කඳු මුදුනක පිහිටි මෙම ගමට යාමට ඇත්තේ වන මං මැදින් වන කුඩා අඩිපාරක් පමණි.
විටෙක ඇළ දොළ තරණය කළ යුතු වූත් විටෙක තැනින් තැන වන ගල් මතින් යෙදෙන පැය දෙක තුනකට නොඅඩු ගමනකින් මේ ගම් පියසට පිවිසිය හැකිය. මේ සිනාසෙන දැරිය ඇතැම්විට ඇය සිටින ගමට වඩා වෙනස් පරිසරයක් අත්දැකතිබේද කියාවත් කිවනොහැක. ඉඳහිට මේ දුෂ්කර ගමනේ යෙදෙන දරුවන්ගේ මව්වරුන් නිවසට, දරුවන්ට ඇවැසි යමක් ගෙන එන නිසාවෙන්ම ඇතැම්විට ඔවුන් නගරය ගැන අසා තිබෙනු ඇත.
එබැවින් මේ හේනක පලදරන යමක් ආහාර කොට ඉඳහිට දඩමසක් රස බලන මිනිසුන් රැසක පුංචි සාමාජිකයන් තිදෙනෙකි.
ඡායා රූ/සටහන-අමන්දා සමානි