නිදහස සොයා යන පුංචි ජීවිත...
මාතර සිට තලල්ල දක්වා වෙරළ තීරයෙන් සොයාගන්නා ලද කැස්බෑ බිත්තර සංරක්ෂණය කර ඉන් ලබාගත් පැටවුන් 1,125 දෙනෙකු මුහුදට මුදා හැරීම මාතර වෙරළ තීරයේදී සිදුකෙරිණි.
වනජීවී දෙපාර්තමේන්තුවේ මිරිස්ස දිස්ත්‍රික් කාර්යාලය විසින් මාතර සිට තලල්ල දක්වා වෙරළ තීරයේදී රාත්‍රී මුරසංචාරයන් මගින් එම කැස්බෑ බිත්තර සොයාගෙන ඇත.
මෙහිදී බටු කැස්බෑවන් හා කොළ කැස්බෑවන් යන වර්ග දෙකට අයත් කැස්බෑ පැටවුම් මුදා හැරීම සිදුකළ අතර මෙම අවස්ථාව සඳහා රුහුණ විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යා පීඨයේ මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
(ඡායාරූප - රසුන් දහනායක)