කුසගිනි දැනෙන වග දනිමි මට සේම නුඹටද ආච්චි අම්මේ..
වයස අවුරුදු 76ක මෙම මව දිඹුලාගල,දළුකාන ප්‍රදේශයේ පදිංචි මවකි. දරුවන් සිව් දෙනෙකුගේ මවක වුවද සැමියා මෙන්ම දරුවන් තිදෙනෙකුම ජීවිතක්ෂයට පත්ව ජීවතුන් අතර සිටින එකම දරුවාද මන්ද බුද්ධිකවීම හේතුවෙන් දැඩි සේ අසරණවී සිටින කාන්තාවකි. ඇය සෑම දිනෙකම ආහාරයට යමක් සොයා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට පැමිණෙයි. කරපොළ ධම්ම දීපාලංකාර නම් අට වියැති මෙම සාමණේර හිමියන්ටද මව අහිමිය. උන්වහන්සේ කුඩා කල විදෙස්ගතවී ඇති මව යළිදු නිවසට පැමිණ නැත.එබැවින් ආහාර සොයා පැමිණෙන වයස්ගත මෙම මෑණියන් උන්වහන්සේට වඩාත් විශේෂය. මේ අහිමි ආදරය හා රැකවරණය පිළිබඳ දිගු කතාවක නිමේෂයකි.
ඡායා රූ-ගාමිණී ඔබේසේකර