ආදර බර උසුළන පැරිස් පාලම අබියස..
ප්රංශයේ පැරිස් නුවර පිහිටි ‘පොන්ට් දෙස් ආට්ස්‘ නම් පාලම ලොව පුරා ප්රසිද්ධ වී ඇත්තේ ආදරවන්තයින් වෙනුවෙනි. පැරිස් නුවරට පැමිණෙන ආදරවන්තයින් තමන්ගේ නම සටහන් කෙරුණු ඉබි අගුලක් පාලමේ එල්ලා එහි යතුරු යුගල ගඟට වීසිකරනු ලබන්නේ තම ආදරය අමරණීයත්වයට පත්කිරීමේ සංකේතයක් ලෙසිනි. එහෙත් එදා මෙදාතුරු එල්ලන ලද ඉබ් අගුල්වල බර වැඩිවීම හේතුවෙන් පාලම කඩාවැටීමේ අවදානමක් ඇති බව රජය විසින්ද ප්රකාශයට පත්කර ඇත. මේ එකී පාලමේ තම ආදරය සංකේතවත් කරන යුවළකි.
ඡායා රූ-ඩී.බන්දුවර්ධන