ආරක්ෂාව...
නොර්වුඩ්, සෙන් ජොන් ටිලරි වතුයායේ ඉහළ කොටසේ තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට මවගෙන් වෙන්ව අතරමංව සිටි හඳුන් දිවි පැටවුන් දෙදෙනෙකු අද (24) උදෑසන හමුව තිබේ.
ඔවුන් පවසන්නේ මාසයක් පමණ වයසැති මෙම පැටවුන් දෙදෙනාව මව විසින් තේ වත්තට ගෙනදමා නැවතත් ගොදුරු සොයා යන්නට ඇති බවය.
පසුව ඒ සම්බන්ධයෙන් නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරින්ට දැනුම් දී ඇති අතර ඔබුන් ලබාදුන උපදෙස් අනුව පැටවුන් දෙදෙනාව ආරක්ෂිතව එම ස්ථානයේම තැබීමට කටයුතු කර තිබුණි.
ඉහත දැක්වෙන්නේ එම අවස්ථාවේ ගත් හඳුන් දිවි පැටවුන් දෙදෙනාගේ ඡායාරූපයකි.
(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)