විසිරයෑම...
පුහුණුව ලැබූ ආධුනික උප පොලිස් පරීක්ෂකවරුන් 116ක් ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 1,169 දෙනෙකු විසිරයෑමේ උත්සවයක් කළුතර පොලිස් විද්යාල අළුවිහාර පිටියේදී පැවැත්වුණි.
එම නිලධාරීන් අතරින් දක්ෂතම වෙඩික්කරු ලෙස ආධුනික උප පොලිස් පරීක්ෂක තරිඳු සඳරුවන් සහ ආධුනික පොලිස් කොස්තාපල් (106155) සවිඳු නිම්සර සම්මාන දිනා ගන්නා ලදී.
පුහුණු පාඨමාලාවේ නීතිය පිළිබඳව දක්ෂතම නිලධාරීන් ලෙස ආධුනික උප පොලිස් පරීක්ෂක තාරක නුවන් සංජීව, ආධුනික පොලිස් කොස්තාපල් (106882) තරිඳු දීපාල් නුවන් කුමාර යන නිලධාරීන් සම්මාන දිනා ගන්නා ලදී.
මෙහිදී සෑම අංශයකින්ම දක්ෂතම ආධුනික උප පොලිස් පරීක්ෂකවරයා ලෙස ලහිරු ලක්මාල් උඩත්තව නිලධාරියාත්, දක්ෂතම ආධුනික පොලිස් කොස්තාපල්වරයා ලෙස (106645) ෂෙහාන් ගීත්මාල් පීරිස් නිලධාරියාත් සම්මානයට පාත්ර විය.