ශක්තිමත් කළ යුක්තිය...
"යුක්තිය" මෙහෙයුමට සමගාමීව අද (19) සිට පාතාල මර්දනය සඳහා විශේෂ කණ්ඩායම් 20ක් පිහිටුවීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පියවර ගෙන තිබේ.
එම අලුතින් පිහිටුවන කණ්ඩායම් 20 යොදවා මේ වනවිට ක්‍රියාත්මක එක් එක් පාතාල කණ්ඩායම්වල ක්‍රියාකාරකම් මැඩලීම සඳහා කටයුතු කරනු ලබයි.
පසුගිය සති කිහිපය තුළ බස්නාහිර සහ දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුවු පාතාල ක්‍රියාකාරකම් පිළිබඳ සැලකිල්ලට ගනිමින් මෙම විශේෂ කණ්ඩායම් ස්ථාපිත කිරීමට පොලිස් මුලස්ථානය පියවර ගෙන තිබේ.