Prev Go to Home Share on Facebook
Responsive image

මිතුදම...

මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ නිල උත්සවය අද (05) පෙරවරු 9ට කොළඹ නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේදී ආරම්භ කෙරුණි.

එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාව උණුසුම්ව පිළිගත් අයුරු ඉහත ඡායාරූපයෙන් දැක්වෙයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගතයකට බැඳීමක්” යන සංකල්පය තහවුරු කරමින් මෙවර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සිදු කෙරේ.