රැකවරණය...
රට තුළ පවතින ආපදා තත්ත්වය හමුවේ මුදාගැනීමේ කටයුතු සඳහා ආරක්ෂක අංශ සීරුවෙන් සිටින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පවසයි.
අයහපත් කාලගුණය හේතුවෙන් උතුරු පළාතේ ප්‍රදේශ රැසක් මේ වනවිට ජලයෙන් යට වී ඇත.
මේ හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි අසිරුතාවයන්ට මුහුණ දී සිටී.
ජල ගැලීම්වලට හසුවු පිරිස යුද හමුදාව, නාවික හමුදාව හා පොලීසිය ඒකාබද්ධව සිදුකරන මුදවා ගැනීමේ මෙහෙයුම්වලින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට මේ වනවිට කටයුතු කරමින් සිටී.
ඉහත දැක්වෙන්නේ ජල ගැලීම්වලට හසුවූ මවක් සහ ඇඟේ බිළිඳා ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ආරක්ෂක අංශ විසින් රැගෙන එන ලැබූ අවස්ථාවකි.
(ඡායාරූපය - මාධව කලංසූරිය)