Next Go to Home Share on Facebook
Responsive image

ඉන්දීය වේග ප්‍රහාරක යාත්‍රාවක් දිවයිනට

ඉන්දීය නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබේ.

නාවික හමුදාව පැවසුවේ “INS Kalpeni (T-75)” නම් එම යාත්‍රාව දිගින් මීටර් 49ක් බවය.

යාත්‍රාව සමගින් එහි කාර්ය මණ්ඩලය 70 දෙනෙකුගෙන් සමන්විතය. 

අද (19) කොළඹ වරායට පැමිණි එම ප්‍රහාරක යාත්‍රාව නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.  

මෙම යාත්‍රාවේ සංචාරය ලබන 28වන දිනෙන් අවසන් වන අතර මෙරට රැදී සිටින කාලය තුළ එහි ඉන්දීය හමුදා කාර්ය මණ්ඩලය ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිත බව නාවික හමුදාව සදහන් කළේය.