පෙරහැර..
උතුරු මැද පළාත් සභාව මගින් 26 වන වරටත් සංවිධානය කරනු ලැබූ අනුරාධපුර ඓතිහාසික ශ්රී දළදා පෙරහැර පසුගියදා වීථී සංචාරය කළේය.
දළදා වහන්සේ වැඩම කරවීම ජය ශ්රී මහා බෝධීන් වහන්සේගේ නැගෙනහිර වාහල්කඩින් ආරම්භ කෙරුණි.
ඒ අනුව පෙරහැර ජය ශ්රී මහා බෝ වටරවුමින් රුවන්වැලි සෑ පෙත්මග ඔස්සේ සංඝමිත්තා මාවතේ පිහිටි ප්රථම දළදා මාලිගාව වෙත වැඩම කරවා පුද පූජා පවත්වා තිබුණි.
ඉන් අනතුරුව ථූපාරාමය අසලින් අභයගිරි විහාරස්ථානයෙන් පෙරහැර නිමාවට පත් විය.